Sunday, October 27, 2024
Follow Us
Social and Equity

සාත්තු සේවා ක්ෂේත්‍රයේ විදෙස් රැකියා සඳහා රැකියා අපේක්ෂකයන් පුහුණු කිරීම පිණිස අනුරාධපුර, විජයපුර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.

Social and Equity

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කිරීම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර ඇත.

Social and Equity

ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා පත්කළ විමර්ශන කමිටු වාර්තාව අද (10) කමිටු සභාපතිනිය විසින් අමාත්‍යවරයාට භාර දෙන ලදී.

Social and Equity

බිත්තර ආනයනය කිරීමට නිර්දේශය ලබා නොදීමට සත්ත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මතු කරන තර්කය පිළිගත නොහැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ප්‍රකාශ කරයි. 

Social and Equity

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට ගෙන්වා කරුණු විමසීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.

Social and Equity

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ගරු සේවයට බඳවා ගැනීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Social and Equity

මෙරටට පැමිණන සංචාරකයන් පැය 72කට පෙර PCR පරීක්ෂණ සිදු කර ගත යුතු බවට නීතියක් හෝ මාර්ග උපදේශයක් පනවා නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ පවසනවා. එබැවින් සෞඛ්‍ය බලධාරීන් පනවා නොමැති කිසිදු ක්‍රමවේදයක් වලංගු නොවන බවයි සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

කෙසේ වෙතත් දිවයිනට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් පසුගිය වර්ෂයේ දෙසැම්බර් 4වන දින සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නිකුත් කළ චක්‍රලේඛය තව දුරටත් වලංගු බවයි වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ.

නව කොවිඩ්-19 රෙගුලාසි හඳුන්වා දුන් බව සංචාරක අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින්ට එන්නත් කාඩ්පතක් ළඟ තබා ගන්නා ලෙසයි සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබුණේ.

එමෙන්ම එන්නත් නොකළ සංචාරකයින් දිවයිනට පැමිණීමට පැය 72 කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද එහි සඳහන්ව තිබුණා. 

Neth

Social and Equity

මෙම මාසය අවසන් වන විට ‌‌ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගනු ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

Social and Equity

කුරුණෑගල, පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති ව්‍යාජ දළදා මාළිගාවේ පත්තිරිප්පුව අද (08) දින ගලවා ඉවත් කිරීමට එහි නිර්මාතෘ ජානක සේනාධිපති  එකඟත්වය පළ කළේය.

 ජානක සේනාධිපති අදාළ ගොනැගිල්ල වෙනස් කිරිමට එකඟත්වය පළ කළේ  මෙම කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ එම ස්ථානයට ගිය අවස්ථාවේදි ය.

ජානක සේනාධිපති නමැති පුද්ගලයෙක් කුරුණෑගල පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකරමින් සිටින බව පවසමින් මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරු මෙන්ම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබුණි.

මෙම ස්ථානයට දළදා වහන්සේ වඩිනවා යැයි ප්‍රචාරයක් තිබෙන බව ජානක සේනාධිතිගෙන් මර්වින් සිල්වා විමසූ අවස්ථාවේදී ඔහු එවැනි දෙයක් ප්‍රකාශ කර නොමැති බව තරයේ කියා සිටියේය.

හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  දළදා වහන්සේට අගෞරවයක් වන විදිය වැඩ සිදු නොවිය යුතු බවයි

Social and Equity

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ශ්‍රී  ලංකාවේ ශ්‍රම සංක්‍රමණ පර්යේෂණ සම්බන්ධයෙන් වන වාර්තාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයින් විසින් භාර දීම ඊයේ (12) සිදු කෙරිණි.

Social and Equity

ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති අන්තර්ජාතික සම්මුතීන්ට අනුගතව කටයුතු කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, අදාළ ප්‍රධාන රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර සකස් ඇති රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

Social and Equity

Police have arrested 47 people including a 17-year-old schoolboy of a leading school in Mirihana during a drug raid carried out near schools in the Western Province yesterday.

Social and Equity

රඹුක්කන හුරිමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවස පිටුපස වලේ වල දමා තිබු දෙවන මළ සිරුර අද (13) දහවල් කෑගල්ල මහේස්ත්‍රත් වාසනා නවරත්න ඉදිරියේදී ගොඩගනු ලැබු බව කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් නිශාන්ත රාජපක්ෂ පවසයි.

Social and Equity

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා එකඟත්වය පළ කර තිබේ.

Social and Equity

2022 වර්ෂයේ පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර අවසන් කිරීම සහ තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Social and Equity

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි Julie Chung මහත්මිය අතර හමුවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Social and Equity

වතු කම්කරු ක්ෂේත්‍රයට අදාළ නීති රීති වඩාත් කාර්යක්ෂම සහ සක්‍රීය ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්, වතුකම්කරුවන්ගෙන් ඉදිරිපත්වන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකර ඒවා විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Social and Equity

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට කෙරෙන දුරකතන විශ්ලේෂණ අවසන් වීමත් සමඟ සෑම අතින්ම සැකයට පාත්‍ර වී සිටින පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මිනිස් ඝාතන විමර්ශන කොට්ඨාසය විශ්වාසය පළ කරයි.