Friday, May 23, 2025
Follow Us
Political

පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා  ත්‍රිපුද්ගල කමිටුවක් පවත් කර ඇත.

Political

තමා ජීවත්ව නොසිටින දිනකදී වුවද සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මාතෘභූමිය ස්වෛරී රාජ්‍යයක් ලෙසින් එක සිංහ ධජයක් සෙවණේ පවතීවා යන්න තමාගේ එකම ප්‍රාර්ථනය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Political

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

Political

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (16) වරෙන්තු නිකුත් කර තිබෙන බව වාර්තා වෙයි.

Political

සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.

Political

වත්මන් රජය බලයට පත් වන විට දිනකට නිකුත් කළ 1200 ක් පමණ වූ ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4000 ක් දක්වා  වැඩිකිරීමට  පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා අද(20) පාර්ලිමේන්තුවේදි පැවසීය.

Political
මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්රාමීය සංවර්ධනයට සක්රීයව මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දුන්නේය.
Political
හෙට  රේගු ආඥා පනත යටතේ ආනයන තීරුබදුවලට අදාළ යෝජනා සම්මතය විවාදයට
අනිද්දා  පෞද්ගලික මන්ත්රීවරයන්ගේ යෝජනා විවාදයට ගැනේ
 
පාර්ලිමේන්තුව හෙට (08) සහ අනිද්දා (09) රැස්වීමට නියමිතයි.
Political

ශික්ෂණලාභි ගුරුවරුන් බඳවා ගැනීම සිදු කර තිබෙන්නේ පවතින ක්‍රමවේදයට අනුව බවත්, ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් පැනනැගී ඇති ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Political

පළාත් සංවර්ධන කටයුතුවල මූලික වගකීම ඇත්තේ ආණ්ඩුකාරවරුන් සතුවයි - ජනපති

දූෂණ හා අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළද ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය ලබා දුන්නේය.

Political

අක්‍රමිකතාවලින් ලාභ ලබපු අය ⁣රජය සිදුකරන පරිවර්ථනයට විරුද්ධයි.

ඔබ මුහුණ දෙන ප්‍රශ්නවලට පැලැස්තර වෙනුවට ස්ථිර විසඳුම් දෙන්න රජයට වැඩ පිළිවෙළක් තිබෙනවා.

-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

Political

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පළමුවරට පරීක්ෂණ කමිටුව හමුවට.

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව, වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පරීක්ෂණ කමිටුව විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීය.

Political

කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකොට, රු. මිලියන 700 ක් වියදමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට 2021 වසරේදී, අමාත්‍ය මණ්ඩල අනුමතියක් ලබාගෙන - කෝප් කමිටුවේදී හෙළිවෙයි.

Political
මැයි 8 රේගු ආඥා පනත යටතේ ආනයන තීරුබදුවලට අදාළ යෝජනා සම්මතය විවාදයට
 
මැයි 9 පෞද්ගලික මන්ත්රීවරයන්ගේ යෝජනා විවාදයට ගැනේ
Political

පාර්ලිමේන්තුව හෙට (20) සිට 23 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කර ඇත. කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මේ තීරණය ගෙන ඇත.

Political

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන්  විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් එක්ව අද (14)  සාකච්ඡාවක් පවත්වා තිබේ.

Political
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා 2025.04.30 වනදා සිය සහතිකය සටහන් කළේය.