Cookery
-
Details
-
ළඟ එන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට තවත් සුවිශේෂී කෑමක් තමයි අති රස කියන්නේ. ඔබත් හදන්න. අවුරුදු කාලයට අතිරස හදන්න. නිවැරදි පිළිවෙල අනුගමනය කරමින් අතිරස මිශ්රනය හදාගතහොත් හරිම පහසුවෙන් ම ඔබටත් අති රස හදා ගන්න පුළුවන් වෙනවා.
*කප්පි කෝප්ප 1 ( කැඩුණු කැකුළු සහල්)
*ගැඹුරු තෙලේ බැදීමට අවශ්ය තෙල්
*පළමුවෙන්ම කප්පි සාදා ගැනීම සඳහා කැඩුණු කැකුළු සහල් තාච්චියකට දමා රන්වන් පාට වන තුරු බැද ගන්න.
*මහදුරු විනාඩියක් පමණ බැද ගෙන හොඳින් කුඩු කර ගන්න.
*පැණි මිශ්රණය සාදා ගැනීමට සීනි ටිකක් තාච්චියකට දමා එය රන්වන් පැහැ ගැන්වී උකු වන තුරු මද ගින්දරේ රත්කරගන්න.
*සීනි මිශ්රණය රන්වන් පැහැ ගැන්වූ පසු උණු වතුර කෝප්පයක් එයට එකතු කරගනිමින් හොඳින් මිශ්ර කරන්න.
*මෙයට ඉතුරු සීනි ටික දමා හොදින් කලවම් කරන්න.
සීනි ටික හැන්දකට අරන් පහලට වක්කල විට නුලක් වගේ පහලට ඇදෙන පදමට එනකන් සීනි ටික උණු කර ගන්න.
මිශ්රණයෙන් භාගයක් වෙනම කෝප්පයකට දමා පසෙකින් තබාගන්න. පිටි එකතු කිරීමේදී මෙය අපට ප්රයෝජනවත්
*පොල් පැණි එකතු කරමින් හොඳින් මිශ්ර කරන්න.
මිනිත්තුවක් පමණ තබා ලිපෙන් බා ගන්න.
කප්පි සහ මහදුරු එකතු කරන්න.
පිටි ටිකෙන් ටික එකතු කර ගනිමින් හොඳින් මිශ්ර කරගන්න.
*පාන් පිටි ස්වල්පයක් ද එකතු කරන්න.
*මද ගින්නේ පිටි එක හොදින් තම්බා ගන්න. (අවස්යනම් උනු ජලය ඒකතු කරන්න..
*ඇඟිලි තුඩු තබමින් පිටි මිශ්රනය නිවැරදි පදමට සැදුණා දැයි අපට දැනගත හැකි වෙනවා. නිවැරදි පදමට සෑදුනු පිටි මිශ්රණය අතේ ඇඟිලි වල ඇලෙන්නේ නැහැ.
දැන් මේ මිශ්රණය තච්චියෙන් එලියට ගෙන ලොකු භාජනයකට මතට බා ගන්න.
*පිටි මිශ්රණයේ ම කුඩා වළක් සාදා ඒ මත තෙල් ස්වල්පයක් දමා එය ඇඟිලි තුඩු වල ගාගනිමින් මිශ්රණය කුඩා බෝල වලට කඩා ගන්න.
*කෙසෙල් කොළයක් මත තෙල් ස්වල්පයක් තවරා ගෙන ඒ මතට කැවුම් බෝල තබා ඇඟිලි තුඩුවලින් බිස්කට් එකක් ආකාරයට සැදෙන පරිදි තලාගන්න.
*තාච්චියක් ළිප තබා එයට තෙල් දමා මෙම කැවුම් එකිනෙක දමා ගනිමින් බැදගන්න.
එක කැවුමක් තාච්චියට දමා එය උඩට පැමිණෙන තෙක් දෙවෙනි කැවුම තාච්චියට නොදමන්න. එසේ නොවුනහොත් කැවුම් දෙකම එකට ඇලෙනවා.
කැවුම රන්වන් පාටට බැදුන පසු හිල් කුඩයකට තෙල් බේරා ගැනිමට බාගන්න.
මේ ආකාරයෙන් මුළු මිශ්රණයෙන් ම කැවුම් සාදා ගන්න.
*භාජනයක කැවුම් අසුරන විට අඩියට පීරිසියක් අනිත් පැත්ත හරවා නමන්න. අතිරස කැවුම් වල තෙල් අධික බැවින් එසේ කිරීමේ දී කැවුම් වල ඇති තෙල් පීරිසිය අඩියේ තැන්පත් වෙනවා .
Cookery
-
Details
-
පොඩියට කපාගත් කැරට් ටිකක්
වම්බටු තරමක් ඝණකමට පෙති කපා ගන්න. බිත්තරයට ලුණු ටිකක් දාලා හොඳින් ගසා ගන්න. වම්බටු පෙති බිත්තර වල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.
භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාන්න. දැන් ඒකට සෝයා සෝස්, තක්කාලි සෝස්, සීනි හා ලුණු කුඩු එක් කරන්න. අවසානයේ කැරට්, ලුණු, තක්කාලි, අමුමිරිස් හා බටු එක් කර කෑලි මිරිස් ටිකක් එක් කර කලවම් කර ලිපෙන් බාගන්න.