Sunday, October 27, 2024
Follow Us
කම්කරු හා විදේශ රැකියා ඇමැති සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි අතර සාකච්ඡාවක්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි Julie Chung මහත්මිය අතර හමුවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රම වර්ධනය සඳහා ශ්‍රමික සහභාගීත්වය ඔස්සේ ඒකාබද්ධ කම්කරු නීතියක් සකස් කිරීම, ඩිජිටල්කරණය, රැකියාවේ ගෞරවය සහ සමාජ සුරක්ෂිතභාවය තුළින් සක්‍රිය ව්‍යාපාරික පරිසරයක් බිහිකිරීම ඇතුළු 2023 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ගුණාත්මක ප්‍රවේශයන් පිළිබඳ සාකච්ඡා මෙහිදී සාකච්ඡාවට ලක් විය.

එහි දී මෙරට ධාරිතාව ගොඩනගා ගැනීමට උපකාර වන තෝරාගත් ක්ෂේත්‍රයන්  වෙත සහය දැක්වීමේ හැකියාව සොයා බැලීමට ඒකාබද්ධ පරිත්‍යාගශීලීන්ගේ කමිටු රැස්වීමක් සංවිධානය කිරීමට ද එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපත් වී ඇත.