Sunday, October 27, 2024
Follow Us
කොදෙව්වන්ට කඩුළු 08 ක ජයක් – තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම ඊයේ (27) සමත් විය.

 

වර්ෂාව ඇති වූ බාධාව හේතුවෙන් තරගය නතර වී යළිත් පැය කිහිපයකට පසුව තරගය පන්දුවාර 23 කට සීමා කරමින් ආරම්භ වූ අතර සිය පන්දුවාර 23 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 156 ක් ලබාගත්‌තේය.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 195 කි

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි කෙදෙව් කණ්ඩායම 22 වන පන්දුවාරයේදී කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.