Wednesday, December 25, 2024
Follow Us
ප්‍රියා සූරියසේනගේ අවසන් කටයුතු 27වැනිදා

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 27වන සිකුරාදා සිදුකිරීමට නියමිත බවත්.අවසන් කටයුතු 27වන සිකුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බවත් වාර්තා වෙයි.

දේහය අද (25) උදේ 8.30 සිට අංක 154/1 පාසල් මාවත, ගංගොඩවිල, නුගේගොඩ ප්‍රියා සූරියසේන මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය.

26 වැනිදා සවස 2 සිට 5 දක්වා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කෙරෙන ඒ මහතාගේ දේහය එදින සවස 6 සිට 27 වනදා සවස දක්වා බොරැල්ල ජයරත්න (රෙස්පෙක්‍ට්) ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව 27 වැනිදා සවස 4ට පමණ බොරැල්ල සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසුවිය.

1944 ඔක්තෝම්බර් මස 27 වැනි දා උපත ලැබූ ඒ මහතා පාසල් කාලයේ සිටම සංගීත ක්ෂේත්‍රයට යොමු ව තිබුණි.

ඔහුගේ එදා මෙදා තුර ගැයූ ගීත අතුරින් "සරතැස නිවා" ගීතය ඔහුගේ මුල්ම ගීතය වේ.

එමෙන්ම ඔහු "කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා", "අඳුර අඳුර මගේ", “හෙට දවසේ අප දෙදෙනා”, “අදුර අදුර මගේ”, “කිරිසයුරේ”, “ඈත රන් විමන්”, “ප්‍රණීත මී බිඳු”,  “කිරි සයුරේ රැළි”, “සුදු පරවි රෑන සේ”, “රටකින් එහා” ආදි වශයෙන් ඉමහත් ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ කලාකරුවෙකි.