Sunday, October 27, 2024
Follow Us
උතුරු දුම්රිය ධාවනය හෙට සිට යළි ඇරඹේ

කොළඹ - කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති බවය. 

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කරන බැවින්, දුම්රිය හරස් මාර්ග භාවිතා කරන මහජනතාව ඉතා සැලකිලිමත්ව හරස් මාර්ග භාවිතා කළ යුතු බවයි.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන සිදු වන කාලසටහන පහත සඳහන් වේ.

 

මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය කිරීම 2 page 0002

මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය කිරීම 2 page 0003