Sunday, October 27, 2024
Follow Us
 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අදාළ සිද්ධිය ගැන වාර්තාව භාර දෙයි

ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා පත්කළ විමර්ශන කමිටු වාර්තාව අද (10) කමිටු සභාපතිනිය විසින් අමාත්‍යවරයාට භාර දෙන ලදී.

2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ගේ සභාපතිත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කෙරුණි .

සෙසු සාමාජිකයින් ලෙස හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා, විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් මහතා, නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු මහත්මිය යන අය කටයුතු කර ඇත.