Sunday, October 27, 2024
Follow Us
හදිසියේ ම ව්‍යාජ දළදා මාළිගාව ‌‌‌සොයා  ගිය මර්වින් සිල්වා

කුරුණෑගල, පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති ව්‍යාජ දළදා මාළිගාවේ පත්තිරිප්පුව අද (08) දින ගලවා ඉවත් කිරීමට එහි නිර්මාතෘ ජානක සේනාධිපති  එකඟත්වය පළ කළේය.

 ජානක සේනාධිපති අදාළ ගොනැගිල්ල වෙනස් කිරිමට එකඟත්වය පළ කළේ  මෙම කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ එම ස්ථානයට ගිය අවස්ථාවේදි ය.

ජානක සේනාධිපති නමැති පුද්ගලයෙක් කුරුණෑගල පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකරමින් සිටින බව පවසමින් මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරු මෙන්ම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබුණි.

මෙම ස්ථානයට දළදා වහන්සේ වඩිනවා යැයි ප්‍රචාරයක් තිබෙන බව ජානක සේනාධිතිගෙන් මර්වින් සිල්වා විමසූ අවස්ථාවේදී ඔහු එවැනි දෙයක් ප්‍රකාශ කර නොමැති බව තරයේ කියා සිටියේය.

හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ  දළදා වහන්සේට අගෞරවයක් වන විදිය වැඩ සිදු නොවිය යුතු බවයි