Sunday, October 27, 2024
Follow Us
ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක්

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා එකඟත්වය පළ කර තිබේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තානාපතිවරයා අතර හමුවක් අද (10) ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු වූ අතර දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම මෙම හමුවේ අරමුණයි.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා ජපන් රජයේ මැදිහත්වීමෙන් පුහුණු ආයතනයක් ඇති කිරීමටත් ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීමටත් කැමැත්ත පළ කර තිබේ.

ජපානය තුළ ඇති රැකියා අවස්ථාවන් පිළිබඳව සහ එම රැකියා සඳහා යොමු වීමේදී සපුරාගත යුතු දැනුම කුසලතාවය සහ භාෂා හැකියාවන් පිළිබඳව මෙම පුහුණු මධ්‍යස්ථානයේ දී අවබෝධය ලබාදීමට අපේක්ෂා කෙරේ.

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුකරුවන් ඇතුළු තාක්ෂණික නිලධාරීන් ශ්‍රී ලංකාවෙන් ලබාදීමට හැකි බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් චන්දන ජයලාල් , ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ඇතුළු නිලධාරීන් සහභාගි වූහ.