Sunday, October 27, 2024
Follow Us
ඝාතනය කළ වළ දැමූ දෙවන සිරුරත් එළියට ගනී

රඹුක්කන හුරිමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවස පිටුපස වලේ වල දමා තිබු දෙවන මළ සිරුර අද (13) දහවල් කෑගල්ල මහේස්ත්‍රත් වාසනා නවරත්න ඉදිරියේදී ගොඩගනු ලැබු බව කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් නිශාන්ත රාජපක්ෂ පවසයි.

මාවනැල්ල තිරිංගදෙනිය හා කෙරමිනිය වත්තේ පදිංචි තරුණයන් දෙදෙනකු අතුරුදහන් වීමෙන් පසු කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්‍යංශයේ කාන්තා පොලිස් පරීක්ෂිකා අප්සරා අබේසේකරට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කෙරිණ.

ඒ අනුව කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න වෙත කරුණු ඉදිරිපත් කර ඇයගේ අධීක්ෂණය යටතේ සැක සහිත ස්ථානයේ කැනීම් කටයුතු ඊයේ (12) ආරම්භ කලේ කෑගල්ල මහ රෝහලේ අධිකරණ විශේඥ වෛද්‍ය වරුන්ගේ සහභාගිත්වයෙනි.

ඊයේ එම ස්ථනයේ අඩි තුනක් පමණ ගැඹුරට කැනීම් කරද්දි පොලිතීන් වලින් ඔතා තිබුන සිරුරක් හමුවිය. ඊයේ සවස 6.30 පමණ විමර්ශන කටයුතු නිම කිරිමටත් ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදන ලෙසත් නියෝග කල මහේස්ත්‍රාත් වරිය අද යලි කැනීම් කිරිමට නියෝග කලාය.

ඒ අනුව අද පෙරවරු 10.30 පමණ කැනීම කටයුතු ආරම්භ කෙරිණ. දහවල් 12.00 පමණ වන පමණ වනවිට පෙර දින කැනීම් කල වලෙහි උතුරු දෙසට දෝනාවක් ඇති බවට පෙනිණ. ඒ අනුව එම කොටස කැනීම් කර කල විමර්ශනයේ දී එම දෝනාව වැනි කොටසේ පොලිතින් වලින් ඔතන ලද සිරුර හමුවිය.

එම සිරුරද සුරක්ෂිතව එලියට ගෙන කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය සංකීරණය වෙත යවනු ලැබිය.

ARUNA