Sunday, October 27, 2024
Follow Us
උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට දීපව්‍යාප්ත විභාගයක්

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ගරු සේවයට බඳවා ගැනීමට සිදු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට ගුරුවරුන් ලෙස පරිවාස පදනමින් පත්වීම් ලබා දී ගුරු ඩිප්ලෝමාව ලබාගත් පසු ඔවුන් ස්ථිර කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා වයස් සීමාව පිළිබඳ තීරණය දැනුම් දී ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම විසිනි. ඒ අනුව නිවේදන නිකුත් කරනු ඇත. ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගන්නා නිශ්චිත වයස් සීමාව ගුරු සේවා ව්‍යවස්ථාවේ සඳහන් ව ඇත.

ගුරු සේවා ව්‍යවස්ථාව හා රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මත උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට නියමිතය. පළාත් මට්ටමින් පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමට හැකියාව පළාත් බලධාරීන්ට ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.