Sunday, October 27, 2024
Follow Us
මෙම මාසය අවසන් වනවිට ‌‌ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි

මෙම මාසය අවසන් වන විට ‌‌ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ අගයක් ගනු ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

තම නිවස අවට මෙන්ම නිවස තුළ ද මදුරුවන් බෝවිය හැකි ස්ථාන සුලභ වන බැවින් ඒ් ගැන නිරතුරුව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ඒ් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.


2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ‌ ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කරයි.

පසුගිය 02 වනදා සිට 08 වනදා දක්වා කාලය තුළ මෙම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් එම සංඛ්‍යාව 440 ක් වන වන බවත් එම ඒකකය පෙන්වා දෙයි.

එසේ ම එම තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 433ක් වාර්තා වී තිබෙන අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් 273ක්, කල්මුණේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 147ක්, හා යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින් 128 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මීට අමතරව කළුතර, මහනුවර යන දිස්ත්‍රික්කවලින් ද සියයට අධික ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගත වූ දින 07ක කාලය තුළ හඳුනාගෙන ඇත.