Sunday, October 27, 2024
Follow Us
ෂාෆ්ටර් ඝාතනයේ සැකකරු හදුනාගෙන!: ප්‍රශ්නය උණ්ඩියල් මුදල්?

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට කෙරෙන දුරකතන විශ්ලේෂණ අවසන් වීමත් සමඟ සෑම අතින්ම සැකයට පාත්‍ර වී සිටින පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මිනිස් ඝාතන විමර්ශන කොට්ඨාසය විශ්වාසය පළ කරයි.

සැකයට ලක්ව සිටින පුද්ගලයාගේ පෙර සහ පසු හැසිරීම් ගැන අවධානයෙන් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු සම්බන්ධයෙන් සමීප ආවේක්ෂණයක නිරතව සිටින බවද සඳහන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන හෝ ප්‍රශ්න කර නැත්තේ ඔහු සම්බන්ධයෙන් ශක්තිමත් සාක්ෂි තවමත් ලැබී නැති බැවිනි.

එම සාක්ෂි දුරකතන විශ්ලේෂණ මඟින් පැහැදිලිවම අනාවරණය කර ගැනීමත් සමඟ ඔහු අත්අඩංගුවට ගැනීමට පසුබට නොවන බව උසස් පොලිස් නිලධාරියෙක් “දිනමිණට” පවසා තිබේ.

මෙම පුද්ගලයා ඝාතන විමර්ශනය නොමඟ යැවීමට පවා උත්සාහ දරා ඇති බවට ද තොරතුරු වාර්තා වන බව පැවසේ.

මේ අපරාධය සිදු වන විට සැකයට ලක්ව සිටින පුද්ගලයා රැඳී සිටි ස්ථාන ගැන දැඩිව අවධානය යොමු කරමින් විමර්ශන පැවැත්වෙන බවද වාර්තා වේ.

මෙම පුද්ගලයා මෙම අපරාධය කර තිබේ නම් ඔහුට මේ සඳහා සහාය දුන් අය ගැන ඔහුගේ කටින්ම තොරතුරු දැනගැනීමට හැකි වනු ඇති බවට ද විමර්ශන ඒකක වලට විශ්වාසයක් ඇතැයි වාර්තා වේ.

මේ අතර, දිනේෂ් ෂාෆ්ටර් මහතා උණ්ඩියල් ආකාරයට මුදල් මාරු කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ඇත්දැයි යන සැකයක් ද මතුව ඇතැයි පැවසේ.

ඒ සඳහා වැඩි විමර්ශනයකට ගිනුම් 16ක තොරතුරු ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා ඇති බවද වාර්තා වේ.

අදාළ ගිනුම් දෙක පුද්ගලයන් දෙදෙනෙකුගේ ගිනුම් බවද මේ අතර ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

Mirror