Sunday, October 27, 2024
Follow Us
සංචාරකයින්ට නව නීතියක් පනවා නොමැති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ප්‍රකාශයක්

මෙරටට පැමිණන සංචාරකයන් පැය 72කට පෙර PCR පරීක්ෂණ සිදු කර ගත යුතු බවට නීතියක් හෝ මාර්ග උපදේශයක් පනවා නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ පවසනවා. එබැවින් සෞඛ්‍ය බලධාරීන් පනවා නොමැති කිසිදු ක්‍රමවේදයක් වලංගු නොවන බවයි සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

කෙසේ වෙතත් දිවයිනට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් පසුගිය වර්ෂයේ දෙසැම්බර් 4වන දින සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නිකුත් කළ චක්‍රලේඛය තව දුරටත් වලංගු බවයි වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ.

නව කොවිඩ්-19 රෙගුලාසි හඳුන්වා දුන් බව සංචාරක අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයින්ට එන්නත් කාඩ්පතක් ළඟ තබා ගන්නා ලෙසයි සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබුණේ.

එමෙන්ම එන්නත් නොකළ සංචාරකයින් දිවයිනට පැමිණීමට පැය 72 කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවද එහි සඳහන්ව තිබුණා. 

Neth