Friday, October 25, 2024
Follow Us
Social and Equity

රජයේ විශ්වවිද්‍යාලයන්ට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ආකාරයට දරුවන්ට පහසුකම සලසා දීම වැදගත් බවත්, ඒ සම්බන්ධයෙන් වන ණය ක්‍රමයේ දැනට මතුව ඇති මුල්‍ය ගැටලු විසඳීමට රජය කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Social and Equity

යූ ටියුබ් නරඹා ගිනි අවි නිදපවූ පුද්ගලයන් දෙදෙනකු  අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි .

Social and Equity

‘දීඝවාපිය’ සහ ‘නීලගිරි සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා  ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. 

Social and Equity

"Industry 2023" ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ (22) ආරම්භ විය.

Social and Equity

අධ්‍යාපන, සංස්කෘතික හා කලා ශිල්ප යන අංශයන් මූලික කරගනිමින් මහවැලි සංචිත නිර්මාණය කිරීමේ වැඩසටහනට සමගාමීව ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පසුගිය 15,16, 17 තෙදින හුරුළුවැව කලාපයේ දී පැවැත්විණි.

Social and Equity

කොළඹ අවිස්සාවේල්ල පරණ පාර (Low Level) මාර්ගයේ ඔරුගොඩවත්ත - අඹතලේ කොටස කඩිනමින් සංවර්ධනය කර වැඩ අවසන් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

රේගුව මගින් අත්අඩංගුවට ගැණුන රුපියල් කෝටි 65ක් වටිනා හෙරොයින් තොගය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ලක් වෙයි.

Social and Equity

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ඊයේ (19) සිට 2023. 07. 04 දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Social and Equity

ශාන්තිකර්මයක් අතරතුර කාන්තාවක් අධික ලෙස රෝගී වී රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ පුවතක් ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා වුණි.

මියගොස් ඇත්තේ මැණික් පතල් ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක්ය.

ශාන්තිකර්මය සිදුකළ පුද්ගලයා එම කාන්තාවට රාත්‍රී කාලය තුළදී පමණක් තැඹිලි ගෙඩි 21ක් පොවා, ඉන් රෝගී වූ පසු කහ දියර ද පොවා ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී හෙළිවී ඇත.

ලග්ගල පොලිස් වසමේ දාස්ගිරිය, හත්තොටඅමුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඉකුත් 16 වනදා ශාන්තිකර්මයක් පවත්වා තිබුණි.

ඒ 16 වැනිදා සවස සිට 17 වැනිදා අලුයම දක්වාය.

මැණික් පතල් කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු වන ඔහු ශාන්තිකර්මය සංවිධාන කර තිබුණේ යම් රෝගී තත්ත්වයකින් පෙළුණු සිය බිරිඳ වෙනුවෙන් සහ දරුඵල බලාපොරොත්තුවෙන් සිටි යුවළක් වෙනුවෙනි.

ශාන්තිකර්මය සිදුකර ඇත්තේ වයස අවුරුදු 25ක තරුණයෙක් වන අතර ඔහු එම ව්‍යාපාරිකයාගේ පතලක සේවකයෙකි.රැය පුරා සිදුකළ ශාන්තිකර්මයෙන් පසු එම තරුණයා අදාළ කාන්තාවට සහ අනෙක් යුවළට, එක් අයෙකුට තැඹිලි ගෙඩි 21 බැගින් මතුරන ලද තැඹිලි ගෙඩි 63 ක් පැය කිහිපයක් පුරා පානය කිරීමට ලබා දී තිබේ.

එහිදී ව්‍යාපාරිකයගේ බිරිඳ රෝගී වී ඇති අතර පසුව ඇයට කහ දියර ද බීමට දී ඇති බව වාර්තා වේ.

කහ දියර පෙවීමත් සමඟ රෝගී තත්ත්වය උත්සන්න වූ කාන්තාව දාස්ගිරිය රෝහලට ඇතුළත් කර තිබේ.වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යැවුණු කාන්තාව එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මියගිය කාන්තාවගේ වයස අවුරුදු 48කි.

 

-Aruna

Social and Equity

මීට පෙරත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විසින් අත්අඩංගුවට ගෙන ඇපමත නිදහස්ව සිටි කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලිවලට පෙනි සිටිමට පැමිණි අවස්ථාවේදී කාර්යංශ නිලධාරීන් විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

විදුහල්පතිවරයකුගේ ස්ථාන මාරුවක් අත්හිටුවමින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගය කඩකර ඇති බව තහවුරු වුවහොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උතුරුමැද පළාතේ අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව දැඩි දඬවම් පමුණුවන බව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ශ්‍රීනාත් ගුණසේකර මහතා විවෘත අධිකරණය හමුවේ අද පැවැසීය.

Social and Equity

වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවය සැමරීමට සහ වන්දනාමාන කටයුතු සඳහා කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.

Social and Equity

සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් එක් රැස්කරන ජාවාරම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුවන බවත් එවැනි පුද්ගලයින් සමග සිදුකරන ලබන කිසිදු ගනුදෙනුවකට හෝ පොරොන්දුවකට තමන් වග නොකියන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කර සිටී.

Social and Equity

කොළඹ නගරයේ ජීවත් වන සහ නගරයට පැමිණෙන දෙස් විදෙස් සැමට බලපාන පාරිසරික හා දේශගුණික ගුණාත්මකභාවය උදෙසා සැලැස්මක් ඇති කිරීම පිළිබඳ සමාරම්භක සාකච්ඡාවක්, කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි, පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පරිසර අමාත්‍යාංශයේ දී පසුගිය සතියේ දී පැවැත්විණි.

Social and Equity
පරිගණක අපරාධ සම්බන්ධයෙන් මේ වසරේ පුද්ගලයින් 75ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි. 
Social and Equity

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු ඒ සඳහා ස්ථාපනය කර ඇති දුරකථන අංකය ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Social and Equity

මෙරට හදවත් රෝගී සංඛ්‍යාව වැඩි වීමේ අවදානමක්  ඇති වී තිබෙන බව කොළඹ ජාතික රෝහලේ හෘද ⁣රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ අවධාරණය කළේය.

Social and Equity

අප රට එක් සේසත් කර ස්කන්ධ දෙවියන් වෙනුවෙන්  කතරගම දේවාලය ඉදිකළ දුටුගැමුණු රජතුමා දුන් නියෝගයක් අකුරටම ඉටු කරමින් තවලම කතරගම පුජා භුමියට  අද පැමිණියේය.