Friday, October 25, 2024
Follow Us
කතරගම සුරාසැල් වැසේ

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ඊයේ (19) සිට 2023. 07. 04 දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කාල සීමාව ආවරණය කරමින් ඌව පළාත නියෝජනය කරන සුරාබදු නිලධාරී කන්ඩායම් ඇසල උත්සව භූමිය සහ අවට ප්‍රදේශවල රාජකාරියේ යෙදවීමට කටයුතු යොදා ඇති අතර ඇසල උත්සව කාල සීමාව තුළ ඇසල උත්සව භූමිය මතින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට ඔවුන් වෙත උපදෙස් ලබා දී ඇත.

කතරගම දේවාල පුදබිම තුළ සහ ආසන්න ප්‍රදේශ වල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු මූලස්ථානයේ පිහිටි සුරාබදු මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සදහා විවෘතව තැබෙනු ඇත.

ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් කිසිවෙකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය මෙම පූජාභූමිය තුළට ගෙන ඒම සපුරා තහනම් වන අතර පූජාභූමිය එම කාලසීමාව තුල මතින් තොර කලාපයක් ලෙස පවත්වා ගැණීම සඳහා සහායවන ලෙස මෙම ඇසල උත්සවය සඳහා සහභාගී වීමට අපේක්ෂා කරණ සියලු ජනතාවගෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.