Friday, October 25, 2024
Follow Us
විදේශ රැකියා ජාවාරම් කරන පුද්ගලයින් පිළිබඳ විශේෂ විමර්ශනයක්

සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් එක් රැස්කරන ජාවාරම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුවන බවත් එවැනි පුද්ගලයින් සමග සිදුකරන ලබන කිසිදු ගනුදෙනුවකට හෝ පොරොන්දුවකට තමන් වග නොකියන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කර සිටී.

සිය කාර්ය මණ්ඩලයේ කිසිදු නිලධාරියෙක් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් එක් රැස් නොකරන බවත්, නීත්‍යානුකූල විදේශ රැකියා නියෝජිත ආයතනකයට හැර වෙනත් කිසිදු අයෙක්ට විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමු කිරීමට හැකියාවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කරනු ලණ්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ නිත්‍යානුකූල විදේශ රැකියා නියෝජිත ආයතන පමණි. ඊට බැහැරව කිසිදු පුද්ගලයෙක්ට විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කළ නොහැකි අතර, එසේ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගැනීම නීති විරෝධී වේ.

අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ බව පවසමින් රැකියා සදහා මුදල් ලබාගන්නා බවට චෝදනා එල්ලවන කිසිදු පුද්ගලයෙක්, පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් නොවන අතර අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය පහත සදහන් නිලධාරීන්ගෙන් පමණක් සමන්විත වේ.

ශාන් යහම්පත් මහතා - පුද්ගලික ලේකම්
සංජය නල්ලපෙරුම මහතා - මාධ්‍ය ලේකම්
දේශප්‍රිය ලියනගේ මහතා - සම්බන්ධීකරණ ලේකම්
භාග්‍ය කාරියවසම් මහතා - සම්බන්ධීකරණ ලේකම්
සුනෙත් අතුකෝරළ මහතා - මහජන සම්බන්ධතා නිලධාරී
උදයංග සූරිආරච්චි මහතා - පාර්ලිමේන්තු කටයුතු ලේකම්
ප්‍රියංකර විජේසේකර - සම්බන්ධීකරණ නිලධාරී (පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය)