Friday, October 25, 2024
Follow Us
පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත්  ලැබෙන්න යන අවස්ථාව

රජයේ විශ්වවිද්‍යාලයන්ට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ආකාරයට දරුවන්ට පහසුකම සලසා දීම වැදගත් බවත්, ඒ සම්බන්ධයෙන් වන ණය ක්‍රමයේ දැනට මතුව ඇති මුල්‍ය ගැටලු විසඳීමට රජය කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. තමන් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී එම අවස්ථාවන වැඩි කිරීමට පියවර ගත් බවද හෙතෙම පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ,
"විපක්ෂ නායකතුමා සඳහන් කරපු කාරණය සම්බන්ධව අධ්‍යාපන ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කලින් ද පැහැදිලි කළා, ප්‍රකාශ කළා. මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය අවධානය අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ගෙනල්ලා මුදල් ප්‍රතිපාදන පිළිබඳ ගත යුතු ක්‍රියා මාර්ගය දැනට සාකච්ඡා කරලා ක්‍රියාත්මක වෙනවා."

"මම අධ්‍යාපන අමාත්‍යතුමා කාලයේ මම සිහිපත් කරන්න කැමතියි, බොහොම කෙටි කාලයක් ඒ කාලයේත් පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවකට මේ පහසුකම අපි දුන්නා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ. එවැනි ප්‍රමාණයන් වැඩි කිරීමට පියවර ගත්තා. ඒ නිසා මම හිතන්නේ ඉතාම වැදගත් මේ දරුවන්ට විශ්වවිද්‍යාලයට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන අයට ඒ පහසුකම සලසා දීමට මූල්‍ය ක්‍රමයේ තිබෙන ගැටලු විසඳා ගනිමින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා."