Friday, October 25, 2024
Follow Us
කතරගම ඇසළ මංගල්‍යයේ තවලම් සිරිත ඉටු කරති

අප රට එක් සේසත් කර ස්කන්ධ දෙවියන් වෙනුවෙන්  කතරගම දේවාලය ඉදිකළ දුටුගැමුණු රජතුමා දුන් නියෝගයක් අකුරටම ඉටු කරමින් තවලම කතරගම පුජා භුමියට  අද පැමිණියේය.

බුත්තල පැල්වත්ත දෙවියන්ගේ වෙළේ සිට වි මළු ගවයන් පිටේ බැඳ බුත්තල ගෝනගංආර යාල අංක 02 කලාපය ගල්ගේ මර්ග ඔස්සේ කතරගම දේවාලය වෙත  තවලමින්  වී රැගෙන  විත් දෙවියන් ගේ විි ගබඩාවට  ලබා දෙන ලදී .

අතිතයේ අද මෙන් ප්‍රවාහන පහසුකම් සහ මාර්ග පද්ධති නොතිබුණි. එම නිසා තවලම් මගින් වී රැගෙන ආහ.

වර්තමානයේ කාපට් කරන ලද මාර්ග ඇතුළු පහසුකම් පවතියත් අදට වසර 2245 කට පෙර දෙවියන්ගේ වෙලේ සිට ගවයන් බැදි තවලම මගින් එදා සිට අද දක්වා සැම ඇසළ මංගල්‍යයකදිම මේ අයුරින් තවලම් මගින් වී රැගෙන එති. 

දේවාලයේ මහබේත්මේ සහ කුඩා බේත්මේ ලේකම්වරුන්ට අයත් වී මොහාන්දිරම් දෙදෙනකු ගේ බාරයේ  තවලම මගින් විි සහල් රැගෙන ඒම සිදු කරති.

එසේ රැගෙන එන විි ආලත්ති අම්මා මගින් මෝල් ගස් වලින් කොටා සහල් බවට පත් කර දෙවියන් ගේ දානය තැබිම සිදුවේ .

Lankadeepa