Friday, October 25, 2024
Follow Us
අර්තාපල් කන්ටේනරයේ සඟවා ගෙන් වූ කෝටි 65ක හෙරොයින්

රේගුව මගින් අත්අඩංගුවට ගැණුන රුපියල් කෝටි 65ක් වටිනා හෙරොයින් තොගය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ලක් වෙයි.

හෙරොයින් කිලෝග්‍රෑම් 16ක් ඊට ඇතුළත් ය. ඊට අදාළ නීතිමය කටයුතු සිදු වෙමින් පවතින අතරතුර අද (22) පස්වරුවේ රේගු මූලස්ථානය වෙත ගිය සියඹලාපිටිය මහතා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ නිලධාරීන්ට සමග සාකච්ඡාවක නිරත විය. අදාළ හෙරොයින් තොගය මීට පෙර හෙරොයින් ආනයනය නොකළ ආකාරයට කන්ටේනරයේ බාහිර ස්ථානයක සගවා තබා ආනයනය කර තිබීම විශේෂත්වයකි.
පකිස්තානයේ සිට ගෙන්වන ලද අර්තාපල් කන්ටේනරයක සඟවා තිබිය දී මෙම හෙරොයින් තොගය සොයා ගැණින. අදාළ ආනයනකරු ජනවාරි මස ලියාපදිංචි වී ඇති බවත් බී ලූණු සහ අර්තාපල් තොග අවස්ථා තුනක දී ආනයනය කර ඇති බවත් අනාවරණ වී තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ ලෝකයේ පවතින ඉහළ ම තාක්ෂණික මෙවලම් සේම ඉතා පළ පුරුදු රේගු නිලධාරීන් පිරිසකගේ දක්ෂතා මත සිදු කළ මෙම අත්අඩංගුව ගැනීම ජාතික මෙහෙවරක් ලෙස සැලකිය යුතු බවයි.