Friday, October 25, 2024
Follow Us
මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ අවදානමක්

මෙරට හදවත් රෝගී සංඛ්‍යාව වැඩි වීමේ අවදානමක්  ඇති වී තිබෙන බව කොළඹ ජාතික රෝහලේ හෘද ⁣රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ අවධාරණය කළේය.

මෙරට වායු දූෂණය ඉහළ යමින් පැවතීම මෙලෙස හදවත් රෝගී සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති බව ඔහු පැවසීය.

මෙම තත්ත්වය මත මෙරට ජනතාව මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවත්, ජනතාව එළිමහනේ යන විට, හැකි සෑම විටම මුව ආවරණ පැලදීම යෝග්‍ය බව විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ හෘද රෝග සහ වායු දූෂණය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව ද ඔහු තවදුරටත් පැවසීය.

එමෙන්ම වායු දූෂණය, හෘද රෝගවලින් පෙළෙන රෝගීන්ට පමණක් නොව අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව, පිළිකා රෝග සහ නිදන්ගත පෙනහළු රෝග වැනි බෝ නොවන රෝගවලටද බලපාන බව ද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

-Dinamina