Friday, October 25, 2024
Follow Us
Social and Equity

ඊයේ (09) රාත්‍රී කාලයේ මනම්පිටිය කොටලීය පාලම අසලදී සිදු වූ මාරක රිය අනතුරේදී තුවාල ලබා පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටි 49 හැවිරිදි කාන්තාවක් අද (10) සවස මිය ගොස් ඇති බව වාර්තා වෙයි .

Social and Equity

ජාතික ජනසභා ලේකම් කාර්යාලය මඟින් විධිමත් ක්‍රියාවලියකින් යෝජනා කර ඇති ජන සභා ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බව සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසයි.

Social and Equity
ජනසභා ක්‍රමය පිළිබඳව දිවයින පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීමේ රැස්වීමක් ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි.
Social and Equity

මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවීමට ගිය විශාල අනතුරක් වහා මැදිහත් වී වළක්වා ගෙන එම බස් රථයේ ගමන් ගත් පනහකට අධික මගී ජීවිත බේරාගැනීමට ක්‍රියා කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් බී.ආර්.කේ.එල් කරුණාරත්න  අද (10) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.

Social and Equity

නි‍වසේ හුරතලයට ඇති කළ මාස දෙකක් පමණ වන බලු පැටියා සපා කෑමෙන් රෝගී වී ඉකුත් 4 වැනිදා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ කුරුවිට කඳන්ගොඩ පාසැලේ ඉගෙනුම ලබමින් සිටි වයස 12ක පාසල් සිසුවකු මාරාන්තික ජලභීතිකා රෝගය වැලඳ තිබීම හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (05) මරණයට පත්ව ඇත.

Social and Equity

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.

Social and Equity

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී ශ්‍රමණවේශධාරියකු, තරුණියක සහ මවක නිරුවත් කර පහර දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අට දෙනා ලබන 12 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා අද (08) දින නියෝග කළේය.

Social and Equity

ශ්‍රී ලංකාවේදි ප්‍රථම වරට ලෝක සංචාරක රූ රැජින තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Social and Equity

පානදුර වලාන ගාලුපාරේ හෝටලයකදී ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා සම්බන්ධ වූ ආපනාශාලාවේ ගැටලුව දෙපාර්ශවයේම එකඟතාවය මත සමථයකට පත්කිරීමට පානදුර දකුණ පොලිසිය පියවර ගෙන තිබේ.

Social and Equity
  • අත්අඩංගුවට ගනිද්දී කෝටිපති ව්‍යාපාරිකයෙක්
  • එකම පුතාට මුහුණ නොපෙන්වා සියලු වියදම් එවලා

ආණමඩුව, තෝනීගල ප්‍රදේශයේ ආපණ ශාලාවක් තුළදී බිරියගේ අනියම් සැමියා මරා දැමූ යුද හමුදාවේ උප ලුතිනන්වරයකු අදාළ ඝාතනය සිදුකර වසර හයකට පසු ඊයේ (07) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා පාබල බළකායේ වෙන්නකේනී කඳවුරේ සේවය කළ උප ලුතිනන්වරයෙකි.

අත්අඩංගුවට ගත් උප ලුතිනන්වරයා අදාළ ඝාතනය සිදු කරන සමයේ සිට යුද හමුදා සේවයෙන් පලා ගිය තැනැත්තෙකු බව පොලිසිය පවසයි.

අදාළ හිටපු උප ලුතිනන්වරයා පොල්පිතිගම ප්‍රදේශයේ මුල් පදිංචිකරුවකු බවත් පසුව නිකවැව මොරගොල්ලාගම පදිංචියට පැමිණ ඇති බවද පවසයි.

මෙම හිටපු උප ලුතිනන්වරයා කලින් විවාහයෙන් නීතියෙන් වෙන්ව දෙවන විවාහයක් සිදු කරගෙන සිටි බවත් දෙවන විවාහයේ බිරියගේ අනියම් සැමියා මෙසේ ආණමඩුව, තෝනීගල ප්‍රදේශයෙදී සිය බිරිය සමඟ ආපණ ශාලාවක් තුළදී 2017 වසරේ මාර්තු 26 දින ආහාර ගනිමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී තියුණු ආයුධයකින් ඇන අදාළ තැනැත්තාට දරුණු තුවාල සිදුකර ඝාතනය සිදුකර ඇත.

එම සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ ආණමඩුව, තෝනීගල කුමාරගම පදිංචි සේනාධීරගේ දුමින්ද ප්‍රදීප් නැමැති පුද්ගලික බස් රථ රියදුරෙකු ලෙස සේවය කළ එවකට 36 හැවිරිදි වියේ පසුවූ විවාහකයෙකු බව පවසයි.

ඝාතනයට ලක්වූ තැනැත්තා සමඟ මෙම උප ලුතිනන්වරයාගේ බිරිය අනියම් ඇසුරක් කලක සිට පවත්වාගෙන ගොස් තිබේ. එය නවතා දැමීමට අවස්ථා කිපයකදී මෙම උප ලුතිනන්වරයා දැඩි වෙහෙසක් ගෙන තිබූ නමුත්, බිරිය දිගින් දිගටම මෙම අනියම් ඇසුර පවත්වාගෙන යාම ඉවසා ගැනීමට නොහැකිව කෝපයෙන් පසුවී ඇති බවත්, ඒ අනුව මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලිසි පරීක්ෂණවලදි හෙළිව තිබේ.

අදාළ ඝාතනය සිදු කිරීමෙන් පසුව අදාළ ආපණ ශාලාවේ සිටි පිරිස් හා ප්‍රදේශවාසීන් විසින් මෙම ප්‍රධාන සැකකරු අල්ලා ගෙන පහර දී තිබූ බවත් පොලිසිය පැමිණීමත් සමඟ පලා ගොස් ඇති බවටත් සඳහන් වේ.

මෙම ඝාතනය නොවිසිඳුණු අපරාධයක් ලෙස පොලිස් පොතේ සටහන්ව තිබියදී ආණමඩුව පොලිසියේ අපරාධ අංශයේ පොලිස් කොස්තාපල් (76743) වර්ණසූරිය යන නිලධාරියා දුරකතන විශ්ලේෂණ හා අනිකුත් කරුණු රැසක් සම්බන්ධයෙන් දිර්ඝ කාලයක් සිදුකළ විමර්ශනයෙන් පසුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

මෙම ඝාතනයෙන් පසු මෙම සැකකරු කොළඹ ප්‍රදේශයට පලා ගොස් සිට ඇති බවත් එහිදී කුලී වැඩ ඇතුළු රැකියාවන් රැසක් කරමින් මුදල් උපයාගෙන පසුව හොරණ, බුලත්සිංහල අතුර ප්‍රදේශයේ විවිධ රැකියාවන් සිදු කරමින් කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස රහසිගත නමකින් පෙනී සිට ඇත.

අදාළ ඝාතනයෙන් පසුව මෙම හිටපු උප ලුතිනන්වරයා කිසිදු අයකුට සැක නොසිතන අයුරින් වෙනත් නමකින් පෙනී සිටිමින් ව්‍යාපාර රැසක් සිදුකර ඇති බවත්, එයින් උපයාගත් මුදලින් ඉඩම් හා වාහන රැසක් හිමි ධනවත් ව්‍යාපාරිකයකු ලෙස ප්‍රදේශයේ නමක් දරා සිටි පුද්ගලයකු ලෙස පෙනී සිටි ඇත.

අදාළ ඝාතනයෙන් පසු මෙම සැකකරුගේ බිරිය රහසේ විදේශ ගතව ඇත.

ඒ සමඟම මෙම සැකකරුට සිටි එකම දරුවා තම මවුපියන් භාරයේ රඳවා උසස් අධ්‍යාපන කටයුතුවලට නිසි ලෙස යොදවා ඇති බවත්, කිසිම අවස්ථාවක දරුවා බැලීමට පවා මෙම සැකකරු ගොස් නොමැති බවත්, දරුවාගේ සියලු කටයුතුවලට මුදල් යොදමින් දරුවා ඉහළට රැගෙන යාමට කටයුතු කර ඇති බවද පොලිස් පරික්ෂණවලදී හෙළිව තිබේ.

ඒ සමඟම මෙම සැකකරු තම එකම දරුවාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුද්ගලික විශ්වවිද්‍යාලයකට යොමුකර ඇති බවත් ඒ සඳහා ලක්ෂ 26කට ආසන්න මුදලක් යොදවා ඇත්තේද ප්‍රසිද්ධියේ පෙනී සිටීමකින් තොරව බවත් පවසයි.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ පුතාට මෙම සැකකරුව හඳුනා ගැනීමට පවා හැකිවී නොමැති බවත්, පියා හා පුතා දෙදෙනා අතර සම්බන්ධතාවය වසර හයක් පුරා සිදුව ඇත්තේ දුරකතනයෙන් පමණක් බව පවසයි.

අත්අඩංගුවට ගත් මෙම යුද හමුදා හිටපු උප ලුතිනන්වරයා ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Dinamina

Social and Equity

පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Social and Equity

අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපාන්කය පිහිටි ස්ථානය අසල දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණියක් පය ලිස්සා ගොස් ඔයට වැටී අතුරුදන්ව නි‌බේ.

Social and Equity
  • දවස් 180ක් වැඩ කළත් පාරිතෝශික දීමනාවට හිමිකම්
  • සේවා ස්ථානයේ ලිංගික හිංසනය වැළැක්වීමට ක්‍රියාමාර්ග
  • සේවකයින්ගේ කැමැත්ත මත නම්‍යශීලී වැඩ කරන වේලාවන්
  • අර්ධකාලීන රැකියා සදහා අවස්ථා
  • පීතෘ නිවාඩු සදහා අවස්ථාව
  • ජාතික වේතන කවුන්සිලයක්
  • ජාත්‍යන්තර සම්මුතීන් අපරානුමත කිරීමට ප්‍රතිපාදන

අවුරුදු සියයකට ආසන්න පැරණි කම්කරු නීති සංශෝධනය කරමින් නූතන වැඩ ලෝකයට ගැලපෙන ආකාරයට සේවා නියුක්ති පනත ගෙන එන බවත්, එමගින් පීතෘ නිවාඩු ලබාදීම, දින 180ක් සේවය කළත් පාරිතෝශික දීමනාවන්ට හිමිකම්කීම වැනි අවස්ථාවන් විවෘත කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි

සේවා නියුක්ති පනත් කෙටුම්පත සකස් කිරීමට අදාළ දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට පසුගියදා  ඉදිරිපත් කළ අතර ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

“1935 වගේ බොහෝ ඈත කාලවලදී ගෙනාපු යල් පැන ගිය කම්කරු අන පනත් වෙනස් කරලා ගෙනාපු අලුත් කම්කරු පනත සදහා වන කෙටුම්පත අපි ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කළා. ඒ අයගේ අදහස් හා යෝජනාවලටත් අපි අවස්ථා උදා කරලා තියෙනවා

ඒ අනුව අපි දළ කෙටුම්පත හදලා කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කළා. මේ ගැන තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට කම්කරු උපදේශක සභාවට සති දෙකක කාලයක් ලබාදී තිබෙනවා. ලබන 21 වැනිදා දක්වා සංශෝධන ලබාගෙන ඒ සංශෝධනත් සමග කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා, කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන්, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරලා මෙතෙක් අනුගමනය කළ පාරදෘශ්‍ය ක්‍රමවේදය අනුව කටයුතු කරමින් පනත් කෙටුම්පත සම්මත කරගැනීමට කටයුතු කරනවා. අපි වෘත්තීය සමිති,   වෘත්තීයවේදීන්ගේ මහජනතාවගේ අදහස් ලබාගෙන තමයි අපි මේ දළ කෙටුම්පත සකස් කර තිබෙන්නේ. මේ කෙටුම්පතේ ඇති සංක්ෂිප්තයක් ඉදිරිපත් කර තිබෙනවා.

සේවයට බදවා ගැනීමේදී, සේවා ස්ථානයේදි වෙනස් කොට සැලකීම වැළැක්වීම සදහා වන නීතිමය ප්‍රතිපාදන අපි මේ හරහා ගෙන එනවා. රැකියා ස්ථානයේදී සියලුම ආකාරයේ හිංසන හා ලිංගික හිරිහැර වැළැක්වීම සදහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අරගෙන එනවා. ලිංගික හිංසනය පිළිබද අංක 190 දරණ සම්මුතිය අපරානුමත කිරීමට මේ මගින් අපට හැකියාව ලැබෙනවා.  

ඒ වගේම වෘත්තීය ආරක්ෂාව සෞඛ්‍ය හා සුබසාධනය පිළිබද නව නීති හදුන්වා දෙනවා. වෘත්තීය ආරක්ෂාව හා සුබසාධනය සම්බන්ධයෙන් අංක 155 දරණ සම්මුතිය අපරානුමත කිරීමටත් මේ ප්‍රතිපාදන මගින් හැකියාව ලැබෙනවා. ඒ වගේම පාරිතෝශික ගෙවීම සදහා මේ වන විට තිබෙන සේවකයින් 15ක්  සිටිය යුතු බවට හා වසර පහක් සේවය කළ යුතු බවට වන සිමාවන් ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒක ඉවත් කරලා දින 180ක් සෙවය කරන සේවකයාටත් මාස භාගයක පාරිතෝශික ගෙවිය යුතු බවට වන නියමයක් ඉදිරිපත් කරනවා. එතකොට අවුරුද්දක් සේවය කළත් පාරිතෝශික ගන්න පුලුවන්. අවුරුදු පහක් බලාගෙන ඉන්න ඕන නෑ.

කර්මාන්ත ශාලාවක හෝ කාර්මික ව්‍යාපාරකය රාත්‍රී සේවයේ නිරත වන කාන්තාවක් පමණක් නොව ඔනෑම සේවකයෙක් රාත්‍රී සේවයේ යොදවන විට පැයක කරනු ලබන ගෙවීම මෙන් පැය එකහමාරක ගෙවීමක් කළ යුතු බවට වන නීතිමය ප්‍රතිපාදන අරගෙන එනවා. කලින් මේ අවස්ථාව ලැබුණේ කාන්තාවන්ට පමණයි.

පඩි පාලක ආඥා පනතේ, සාප්පු හා කාර්යාල පනතේ තිබෙන සේවා තත්වයන් හා කොන්දේසි පිළිබදව වන සදහන් විධිවිධාන ඉවත් කරලා සමාන තත්වය ලබාදීමට විධිවිධාන ලබාදෙනවා. අනියම් ස්වභාවයේ සේවයේ නිරත සේවා නියුක්තියකන් හැර සේවයට බදවා ගන්නා සියලු දෙනාටම සේවා කොන්දේසි ඇතුලත් පත්වීම් ලිපියක් ලබාදිය යුතු වෙනවා. ඒක අනිවාර්යයි.

සේවා නියුක්තිකයින්ගේ කැමැත්ත මත දින පහක වැඩ කරන සතියක් හා නම්‍යශීලී වැඩ කරන වේලාවන් හදුන්වා දෙනවා. යම් කොන්දේසිවලට යටත්ව කාන්තාවන්ට රාත්‍රියේ සේවා කිරීම සදහා දැනට නීතියේ පවතින කොන්දේසි ලිහිල් කිරීමට කටයුතු කරනවා. 

අතිකාල සේවා ගණනය කිරීම සදහා ඒකමිතික ක්‍රමයක් හදුන්වා දෙනවා. අර්ධකාලීන රැකියාවල නිරතවීම සදහා අවස්ථාව ලබාදෙනවා. පුහුණුවන්නන්, ආධුනිකයින් සේවයට බදවා ගැනීම සදහා නීතිය හදුන්වා දෙනවා. ඒවා නිවරදිව නියාමනය කරනවා

ඒ වගේම මේ වන විට නොතිබුණ පීතෘ නිවාඩු ක්‍රමයක් හදුන්වා දෙනවා. දරුවෙක් ලැබෙන විට තාත්තා කෙනෙක්ටත් දරුවා හමුවෙන අවස්ථාවේදී අම්මා, දරුවා සමග සිටීමට දින 3ක නිවාඩුවක් හදුන්වා දී තිබෙනවා. නිවසේ සිට සේවය කිරීමේදී අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට නීතිමය ප්‍රතිපාදන හදුන්වා දෙනවා. විදේශීය සේවා නියුක්තිකයෙක්  ලංකාවේ සේවය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් හදුන්වා දෙනවා. දැන් ලංකාවේ ඇවිත් සේවය කරන අය ඉන්නවා. කවුද වැඩ කරන්නේ, කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන දැන් කවුරුවත් දන්නේ නෑ

ගෘහ සේවය කම්කරු නීතිය ඇතුළට ඇතුළත් කරනවා. මෙතෙක් කල් ගෙවල්වල වැඩ කරන, ගෘහ සේවකයින් නීතිමය ආවරණයට ලක් කළේ නෑ.  මේ අයත් කම්කරු නීති පද්ධතියට ඇතුළත් වෙනවා. ඒ මගින් සී 189 කියන ජාත්‍යන්තර සම්මුතියත් අපරානුමත කිරීමට හැකියාව ලැබෙනවා. ගොඩක් අය පිටරට වැඩ කරන ගෘහ සේවිකාවන් ගැන කතා කළාට රට ඇතුලේ ගෘහ සේවිකාවන්ට සිදුවන හිරිහැර ගැන කතා කරන්නේ නෑ. අපි ඔවුන්ට රැකවරණය ලබාදෙන නීති ගෙන එනවා.

පඩි පාලක සභා තීරණ මගින් හා ව්‍යවස්ථාපිත නීතිය මගින් අවම වැටුප් තීරණය කිරීමේ ක්‍රමවේදය වෙනුවට ජාතික වේතන කවුන්සිලක් හදුන්වාදී පිළිගත් හා කාලීන නිර්ණායක මත අවම වැටුප් තීරණය කිරීමේ ක්‍රමවේදයක් හදුන්වා දෙනවා.

සේවා නියුක්තිකයන් විසින් සිදුකරන ලබන විෂමාචාර ක්‍රියාවන්ට අදාළ අවසාන විනය තීරණ නිශ්චිත කාල සීමාවක් තුළ ලබාදීමට සේවා යෝජකයින්ට නියම කරන නීතිමය ප්‍රතිපාදන ගෙන ඒමට කටයුතු කරනවා. සේවා යෝජකයින් සිදුකරන අසාධාරණ ක්‍රියාපිළිවෙත් දැනට නීතියේ පවතින ක්‍රමවේදයට අනුවම වෘත්තීය සමිති සිදුකරන අසාධාරණ ක්‍රියාපිළිවෙත් වැළැක්වීමට නීතිමය ප්‍රතිපාදන ගෙන එනවා. අසාධාරණ කම්කරු පිළිවෙත් අනුගමනය කළහොත් දෙපාර්ශවයටම නඩු පැවරීමට හැකි ක්‍රමවේදයක් හදුන්වා දෙනවා.

වැටුපෙන් සාමාජික මුදල් අඩු කරලා වෘත්තීය සමිති වෙත යොමු කිරීම සේවා යෝජකයාට අනිවාර්ය කරනවා. සේවකයෙක් ඉල්ලීමක් කළොත් වෘත්තීය සමිතියට වැටුප කපලා යැවීම අනිවාර්ය කරනවා. වෘත්තීය සමිතියක් පිහිටුවීම සදහා දැනට අවශ්‍ය අවම සාමාජික සංඛ්‍යාව 7යි.  ඒ නීතිය ගේන අවස්ථාවේදී රටේ ජනගහනය මිලියන 5.8යි. අපි ඒක 7 සිට 100 දක්වා ඉහළ නංවනවා. වෘත්තීය සමිතියක විධායක සභාවට සියයට 25ක කාන්තා නියෝජනයක් අනිවාර්ය කරනවා. වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෙර සේවා යෝජකයා දැනුවත් කිරීම හා වැඩ වර්ජනයක් කිරීමට සාමාජිකයින් බහුතරයකගේ කැමැත්ත ලබාගත යුතු බවට ප්‍රතිපාදන අරගෙන එනවා.

යම් මාර්ගෝපදේශකයන්ට යටත්ව සේවා යෝජකයකාට සේවා ස්ථානයේ රීති හදුන්වා දීමටත්, ඒ සදහා නීතිමය බලයක් ලබාදීමටත් කටයුතු කරනවා. දුර්වල කාර්ය සාධනය, තාක්ෂණික දියුණුව, ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ව්‍යාපාර ප්‍රතිසංවිධානය නිසා රැකියා අතිරික්ත වන විට වන්දි ගෙවා සේවය අවසන් කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් හා සරල කිරීමට කටයුතු කරනවා. අමුද්‍රව්‍ය නොමැතිකම, ඇණවුම් නොමැතිකම, යන්ත්‍ර සූත්‍ර බිදවැටීම හෝ සේවා යෝජකයාගේ පාලනයෙන් ඔබ්බට ගිය හේතු මත කෙටි කාලීනව සේවය නතර කිරීම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරය මත කටයුතු කිරීමට පියවරගත හැකියි.

සේවා නියුක්තිකයෙක් සේවයෙන් ඉවත් වන විට මාසයකට පෙර සේවා යෝජකයා දැනුවත් කර ඉවත්ව යා යුතු බවට වන ප්‍රතිපාදන ඇති කරනවා. කවුරුන් හෝ සේවයෙන් ඉවත් වෙනවා නම් මාසයකට පෙර ඒ බව දැනුම් දිය යුතු වෙනවා. විශ්‍රාම යාමේ වයස නැවත සමාලෝචනයට ලක් කරනවා. සෑම වෘත්තියකට ගරුත්වයක් ඇති කිරීමට ඒ ඒ වෘත්තීන් අනුගමනය කළ යුතු ප්‍රමිතීන් හා නිර්නායකයන් හදුන්වා දෙනවා. අපේ රටේ එක එක වෘත්තීන්ට ගරුත්වයක් නෑ කියන චෝදනාවන්ට පිළිතුරක් මේ මගින් ලබාදෙනවා.

සමාජ ආරක්ෂණ අරමුදලක් මගින් මාතෘ ප්‍රතිලාභ, සේවක සෞඛ්‍ය, විරැකියාවකදී වන්දි ගෙවීමට කටයුතු කරනවා. මෙතෙක් කල් හාම්පුතාට පමණක් තිබුණ ඒ බර වෙනම අරමුදලක් හරහා ගෙවීමට කටයුතු කරනවා. ඒ හරහා කාත්නාවන්ට වැඩි අවස්ථා වැඩි කිරීම, රැකියා අවස්ථා සුලබ කිරීමට කටයුතු කරනවා.

සේවකයාගේ කාර්යසාධනය මැන බැලීම සදහා සේවා යෝජකයාට නෛතික බලයක් ලබාදෙනවා. මිනිස් බල සැපයුම් හා රැකියා නියෝජිත ආයතන නියමානුකූල කිරීමට කටයුතු කරනවා. ඉලෙට්‍රොනික් මාධ්‍යයේ වේතන ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරනවා. ඒ වගේම ජාතික ශ්‍රම බලකාය පිළිබද දත්ත පද්ධතියක් මේ පනත හරහා නිර්මාණය කිරිමට කටයුතු කරනවා. ”

Social and Equity

රක්වාන පොලිස් වසමට අයත් මාදම්පේ, පනාවල ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ පෙරේදා (04) සවස තරුණියක ගෙල වැලලා ගෙන මියගොස් ඇතැයි රක්වාන පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ රක්වාන, පුංචිබාරවත්ත, ස්ටබිඩන් වතුයායේ පදිංචි ක්‍රිෂ්ණන් ප්‍රදීපා නමැති විසි දෙහැවිරිදි අවිවාහක කාන්තාවකි.

Social and Equity

අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබේ.

Social and Equity

උතුරේ ධීවර ආක්‍රමණ නැවැත්වීමට උපරිම ලෙස කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කරයි.

Social and Equity

ආයුර්වේද පනත් කෙටුම්පතෙන් වසර දහස් ගණනක් පැරණි අප රටේ උසස් චිකිත්සක ක්‍රමයක් වන පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානිවන කිසිවක් සිදුකර නොමැති බවත් මෙය කඩිනමින් සිදුකළ සංශෝධනයක් නොවන බවත් දැනට වර්ෂ එකහමාරක සිට දීර්ඝ පුළුල් සාකච්ඡාවක් කර නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

Social and Equity

තායිලන්ත රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබූ මුතුරාජා හස්තියා යළි තායිලන්තය බලා රැගෙන යාම සඳහා මේවනවිට එම හස්තියා කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා.