Friday, October 25, 2024
Follow Us
ශ්‍රමනවේශධාරියකු, කතුන් දෙදෙනකු නිරුවත් කළ අටක් රිමාන්ඩ්

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී ශ්‍රමණවේශධාරියකු, තරුණියක සහ මවක නිරුවත් කර පහර දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අට දෙනා ලබන 12 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා අද (08) දින නියෝග කළේය.

සැකකරුවන් අට දෙනා එදිනට හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ තම පාර්ශවයට අදාල පැමිණිලිකරු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවයි.

එහිදී එම පැමිණිලි ද ලබන 12 වෙනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළ චීවරධාරියකු, තරුණියක සහ මවක සිටි අවස්ථාවේදී බලහත්කාරයෙන් එම නිවසට කඩා වැදී එහි සිටි පිරිස නිරුවත් කර පහර දී වීඩියෝ පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් නවගමුව පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී

සැකකරුවන් වෙනුවෙන් නීතීඥ නුවන් ජයවර්ධන මහතා පෙනී සිටියේය.

Lankadeepa