Friday, October 25, 2024
Follow Us
ආයුර්වේද පනත් කෙටුම්පතෙන් හානියක් නැහැ

ආයුර්වේද පනත් කෙටුම්පතෙන් වසර දහස් ගණනක් පැරණි අප රටේ උසස් චිකිත්සක ක්‍රමයක් වන පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානිවන කිසිවක් සිදුකර නොමැති බවත් මෙය කඩිනමින් සිදුකළ සංශෝධනයක් නොවන බවත් දැනට වර්ෂ එකහමාරක සිට දීර්ඝ පුළුල් සාකච්ඡාවක් කර නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.


අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ආයුර්වේද පනත පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


ආයුර්වේද පනත 1961 අංක 31 යටතේ ස්ථාපිත දැනට වර්ෂ 62 කට පෙර පාර්ලිමේන්තුවේ අනුමත කළ පනතක් බව ද මෙය දීර්ඝ කාලයක් තිස්සේ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සහ සමස්ථ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව සංවාදයට ලක්වෙමින් අලුත් පරිවර්තනීය වෙනස්කම් පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සිදුකළ බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.