Friday, October 25, 2024
Follow Us
අධි ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබේ.

මෙම වර්ෂය අධික අවුරුද්දක් වන බැවින් ඇසළ පොහොය ලබන මස 01 වන දිනට යෙදී ඇති අතර අද දිනයේ අධි ඇසළ පොහොය ලෙස සැළකේ.

බෝසතාණන් වහන්සේ මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම සිදුවුයේ ඇසළ පුර පසළොස්වක පොහො දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරි මහා අභිනිෂ්ක්‍රමණය කළේ ද ඇසළ පුන් පොහෝ දිනකය.

බුදුරාජාණන් වහන්සේගේ සිය මංගල ධර්ම දේශනය මෙන්ම සංඝ ශාසනයේ ආරම්භය සිදුවුයේ ද ඇසළ පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ