Friday, October 25, 2024
Follow Us
ජනසභා සාර්ථක කර ගැනීමට කණ්ඩායම් දෙකක් එක්වෙයි

ජාතික ජනසභා ලේකම් කාර්යාලය මඟින් විධිමත් ක්‍රියාවලියකින් යෝජනා කර ඇති ජන සභා ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බව සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගම් විසින් මෙම අදහස් පළකළේ ඊයේ (06) දින ජාතික ජනසභා ලේකම් කාර්‍යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමිනි.

එහි දී එම සංගම් විසින් වැඩි දුරටත් අවධාරණ කර සිටියේ දේශපාලන අධිකාරියේ උදව්වකින් තොරව ගොඩ යෑමට නොහැකියි යන මිථ්‍යවකින් ලංකාවේ බහුතරයක් ජනතාව පෙලෙන බවයි. එසේම ජනසභා ලේකම්වරයා තෝරාගැනීමේ දී නිසි ක්‍රමවේදයක් තුළින් රාජ්‍ය සේවයෙන් අන්තර්ග්‍රහනය කර ගැනීමේ වැදගත් කම ද එම සංගම් විසින් අවධාරණ කලහ.

මෙම සාකච්ඡාව සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරන මහතා, ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් පාලිත ලිහිණියකුමාර මහතා ඇතුළු ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක මණ්ඩලය, සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා සංවර්ධන නිලධාරින්ගේ සංගමය නියෝජනය කරමින් එම සංගම් වල නිළධාරීන් වන අනුරාධ සෙනෙවිරත්න, ආනන්ද සෝමසිරි, වසන්ත ලංකාතිලක, දුලින්ද කණ්ඩම්බි සහ මංජුල අරුණ ශ්‍රී යන මහත්වරු සහභාගී වූහ.