Friday, October 25, 2024
Follow Us
මනම්පිටිය මාරක රිය අනතුර ලක් වූ තවත් අයෙක් මිය යයි

ඊයේ (09) රාත්‍රී කාලයේ මනම්පිටිය කොටලීය පාලම අසලදී සිදු වූ මාරක රිය අනතුරේදී තුවාල ලබා පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටි 49 හැවිරිදි කාන්තාවක් අද (10) සවස මිය ගොස් ඇති බව වාර්තා වෙයි .

අනතුරු සිදුකළ බස් රථයේ රියදුරු අද දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුරින් මිය ගිය අනන්‍යතාව හඳුනාගත් මෘථ ශරීර 07ක පශ්චාත් මරණ පරීක්ෂණය පොලොන්නරුව රෝහලේදී සිදු කර ඇත. මෙ වනවිට අනුරින් මියගිය මුළු සංඛ්‍යාව 11 දෙනෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් පොළොන්නරුව හා මනම්පිටිය පොලිස් ස්ථාන මඟින් වැඩිදුර විමර්ශන සිදු කරයි.