Friday, October 25, 2024
Follow Us
මහනුවර මහියංගනය බස් අනතුර වළක්වා ජීවිත බේරාගත් හමුදා කෝප්‍රල්ට පැසසුමට

මහනුවර සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවීමට ගිය විශාල අනතුරක් වහා මැදිහත් වී වළක්වා ගෙන එම බස් රථයේ ගමන් ගත් පනහකට අධික මගී ජීවිත බේරාගැනීමට ක්‍රියා කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් බී.ආර්.කේ.එල් කරුණාරත්න  අද (10) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.

කෝප්‍රල්වරයා සිදුකළ වීර ක්‍රියාව අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

2023.05.26 දින බස් රථය උඩුදුම්බර ප්‍රදේශයේ ගමන් කරන අවස්ථාවේදී එහි රියදුරු මහතා රියදුරු අසුනින් ඉවතට විසි වී ඇති අතර මීටර් පනහක් පමණ දුරක් රියදුරු නොමැති වූ බස් රථය ගමන් කර තිබේ. එම අවස්ථාවේදී බස් රථයේ ගමන් කරමින් සිටි යුද හමුදා සෙබල කෝප්‍රල් වරයා වහාම ක්‍රියාත්මක වී රියැදුරු නොමැතිව විශාල බැවුමකට ධාවනය වෙමින් තිබු බස් රථය මහත් පරිශ්‍රමයක් දරා පාලනය කර නවත්වා ගැනීමට සමත්වීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වලක්වා ගැනීමට හැකිවිය.