Thursday, October 24, 2024
Follow Us
Social and Equity

බන්ධනාගාර පද්ධතිය තුළ තිබෙන තදබදය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා අද (11) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

Social and Equity

ශ්‍රී ලංකා සමුද්‍ර කර්මාන්ත මණ්ඩලය මගින් සංවිධාන කරනු ලබන "Boat and Marine Show - 2023" වැඩසටහන දියත් කිරීමේ හා මාධ්‍ය වෙත දැනුවත් කිරීමේ වැඩසටහනක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කොළඹ දී පැවැත්විණ.

Social and Equity

ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතු ව සිසුන්ට ලබා දෙන බවත් උසුලාගෙන යෑම පහසු වන පරිදි පාසල් සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩු කිරීම එමගින් අපේක්ෂිත බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Social and Equity

මෙරට දරුවන් හා පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක වන යුනිසෙෆ් ළමා පෝෂණ වැඩසටහනේ අධීක්ෂණ කටයුතු සොයා බැලීමට පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදලේ (යුනිසෙෆ්) දකුණු ආසියානු කලාපයේ තානාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කර් සිය අධීක්ෂණ කටයුතු අතරතුර දරු දැරියන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙමින්ද ඔවුන්ගේ සුවදුක් විමසමින් ද සබරගමු පළාතේ සංචාරයක නිරත විය.

Social and Equity

බණ්ඩාරවෙල, කහත්තේවෙල ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු (French fries) සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙම මස 11 දින විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. කහත්තේවෙල ශ්‍රී සංඝරාජ විහාරස්ථාන පරිශ්‍රයේ මෙම කර්මාන්ත ශාලාව ඉදි කර ඇත.

Social and Equity

ගාල්ලේ දේශගුණික අව බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන යටතේ වාරිමාර්ග ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

Social and Equity

සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර පවතින සබඳතාවයන් තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් යුද හමුදාව මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල ප්‍රතිඵල ලෙසින් මේ වනවිට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු භටපිරිස්හි තාක්‍ෂණික විශේෂඥතාවය සහ ශ්‍රම දායකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත සිවිල් වැසියන් වෙනුවෙන් නව නිවාස 207 ක් ඉදිකර එම පවුල් වෙත පවරා දී තිබේ.

Social and Equity

මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණික තත්වය නිසා හැකි තරම් ජලය පානය කිරීම සුදුසු යැයි වෛද්‍යවරු පවසති.

Social and Equity

අඹන්ගඟ කෝරළයේ හා රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි ගම්මිරිස් වගාකරුවන්ගේ ගැටලු සොයා බැලිම සඳහා සහ රත්තොට සමුපකාර ග්‍රාමීය බැංකුවට ගම්මිරිස් පිරිසිදු කිරිමේ නව උපකරණ ලබාදීම කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තානා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) රත්තොට අඹගස්තැන්න ප්‍රදේශයේ පැවත්විණි.

Social and Equity

දිවයිනේ වෙනත් විහාරස්ථාන හා දේවාලයන්හී පෙරහැර අවසන්වී ඇති බැවින් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන් වැඩි පිරිසක් සහභාගී කරවා ගත හැකි යැයි ශ්‍රී දළදා මාලිගායේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

Social and Equity

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් විසි දෙදෙනක්ට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් අද(8) ගුවන් ටිකට්පත් ප්‍රදානය කරනු ලැබූ අතර මේ වසරේදී ශ්‍රමිකයින් 241 දෙනෙක් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යවා තිබේ.

Social and Equity

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා නව සොයා ගැනීම් රැසක් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී පසුගියදා නව එළවළු ප්‍රභේද තුනක් සහ පෝෂණ ගුණයෙන් ඉහළ සෝයා යෝගට් විශේෂයකුත් හඳුන්වා දුන්නා.

Hordi Bean 3
• මෙම නමින් බෝංචි ප්‍රභේදයක් කෘෂිකර්ම හඳුන්වා දී තිබෙනවා. මෙහි විශේෂත්වය නම් අස්වැන්න - 27 t/ha , නව නිර්දේශිත Hordi පොකුරු තක්කාලි ප්‍රභේද 02 මෙම පොකුරු තක්කාලි ප්‍රභේදයේ විශේෂත්වය වන්නේ ඝනකමැති මතුපිට පොත්තක් තිබීමයි. එමනිසා කල් තබා ගැනීම පහසුවන අතර හෙක්ටයාර් එකකට ටොන් 61ක පමණ අස්වැන්නක් ලබා ගත හැකියි. ගෙඩියක බර ග්‍රෑම් 85-100 පමණ වේ. ඝනකම් ඵලාවරණයක් සහිත ඵල දරන බැවින් කල් තබා ගැනීමේ හැකියාව වැඩිය.
• තද රතු පහැති මාංශයක් පවතින අතර ව්‍යංජන, සලාදවලට අමතරව ජෑම්,සෝස් වැනි සැකසූ ආහාර සදහාද සුදුසු වේ.
• ආරක්ෂිත ගෘහ තුල වගා කිරීමට වඩාත් යෝග්‍ය වේ
• මෙම ප්‍රභේදයේ බීජ නිශ්පාදනය කිරීමේ කටයුතු සහ ප්‍රභේදය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. Hordi Mushroom Curly ඇමරිකන් ඔයිස්ටර් හා ඇබලෝනි යන බිම්මල් වර්ග දෙක යොදා ගනිමින් මෙම Hordi Mushroom Curly නැමැති බිම්මල් විශේෂය හදා තිබෙනවා. ප්‍රොටීන් බහුල මෙම විශේෂය වගාව සඳහා ගොවීන්ට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. සෝයා යෝගට් දරුවන්ගේ ඌණ පෝෂණ තත්ත්වය වළක්වා ගැනීම සඳහා පළමුවරට මෙරට නිෂ්පාදනය කෙරෙන සෝයා
යෝගට් ද හඳුන්වා දීම සිදු කළා. මෙම යෝගට්වල විශේෂත්වය නම් අඩු මුදලකට නිෂ්පාදනය කළ හැකි වීමත්, මෙය ප්‍රෝටීන් බහුල වීමත්ය.

Social and Equity

මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2023 අගෝස්තු මස 18 දින මධ්‍යම රාත්‍රියේ සිට අගෝස්තු මස 21 දින පෙරවරු 4.00 දක්වා කාල සීමාව තුළ මාතලේ සහ මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Social and Equity

අනපේක්ෂිත වැසි රහිත කාලගුණික තත්ත්වය නිසා කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ජලය සමනළවැව ජලාශයෙන් නිකුත් කිරීමට සහ විදුලිබල උත්පාදනයට සිදුවන බලපෑම කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වීණි.

Social and Equity

මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුලාමුරිප්පු, කච්චිලෛයිමඩු, කතලියාරු, ඕලුමඩු යන ප්‍රදේශවල ඉදිකළ නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන විවෘත කිරීම ඊයේ (03) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

Social and Equity

ඉදිරි මාස කිහිපය තුළ දිවයිනේ අනෙකුත් ආදිවාසී ගම්මානවල ජීවත්වන ආදිවාසී ජනතාවට මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමට එම ගම්මානවලට පැමිණෙන බවත්, අපේ රටේ උරුමක්කාරයන් වූ ආදිවාසී ජනතාව තවදුරටත් කරුමක්කාරයන් නොවිය යුතු බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

Social and Equity

පැවති කුරිරු යුධමය වතාවරණයක් සමඟ කැඩී බිඳී දිරාපත් වු තලෙයි මන්නාරම ජැටිය යළි ප්‍රතිසංස්කරණය කොට රාමේෂ්වරන් සිට පැමිණෙන මගී සංචාරක යාත්‍රා සඳහා පහසුකම් සැපයීමේ වරායක් ලෙස සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ.

Social and Equity

රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (04) මොණරාගලදී හමු විය.