Thursday, October 24, 2024
Follow Us
මෙවර ඇසළ පෙරහරට අලි ඇතුන් රැසක්

දිවයිනේ වෙනත් විහාරස්ථාන හා දේවාලයන්හී පෙරහැර අවසන්වී ඇති බැවින් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන් වැඩි පිරිසක් සහභාගී කරවා ගත හැකි යැයි ශ්‍රී දළදා මාලිගායේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කරන ඉන්දිරාජා ඇතුලු ඇතුන් කිහිප දෙනෙකු සධාතුක පෙරහර කරඬුව වැඩම කරවීමට මෙවර සුදුසුකම්ලත් බවත් ඒ මහතා කීවේය.

දියවඩන නිලමේවරයා මෙම අදහස් පළ කළේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයේදී ඊයේ (10) පැවති ඇසළ පෙරහැර මංගල්‍යයේ විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
ඉන්දි රාජා, බුරුම රාජා, කතරගම වාසනා, කැලණිය රජ මහා විහාරයේ ඇතා, මියන් රාජා ඇතුළු ඇතුන් හයදෙනකු සධාතුක පෙරහර කරඬුව වැඩම කරවීම සඳහා ඉදිරිපත් වන බව ද දියවඩන නිලමේවරයා කීවේය.
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වන සෙංකඩගල පුරවරයේ ඇසළ පෙරහර අති උත්කර්ෂවත් අයුරින් මෙවර පවත්වන බවත් සැදැහැවතුන්ගේ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍යාරක්ෂාව, ප්‍රවාහන, සනීපාරක්ෂීක ආදී සියලු අංශ පිළිබදව අවධානය යොමු කරන බවත් දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.