Thursday, October 24, 2024
Follow Us
ඊශ්‍රායලයේ යන ශ්‍රීලාංකික ශ්‍රමිකයන්ට ගුවන් ටිකට් පත්

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් විසි දෙදෙනක්ට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් අද(8) ගුවන් ටිකට්පත් ප්‍රදානය කරනු ලැබූ අතර මේ වසරේදී ශ්‍රමිකයින් 241 දෙනෙක් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යවා තිබේ.


මේ වසර තුළදී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යැවූ ශ්‍රමිකයින් 241 දෙනා අතරට පිරිමි ශ්‍රමිකයින් 33 දෙනෙක්ද කාන්තා ශ්‍රමිකයින් 208 දෙනෙක්ද ඇතුළත් වේ.
මේ වසරේ ජනවාරි හා පෙබරවාරි මාස වලදී ශ්‍රමිකයින් 13 දෙනා බැගින් ඊශ්‍රායලයට පිටත් කර යවා ඇති අතර මාර්තු මාසයේදී ශ්‍රමිකයින් 12 දෙනෙක් පිටත් කර යවා තිබේ. අප්‍රේල් මාසයේදී සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් 39 දෙනෙක් යවා ඇති අතර මැයි මාසයේදී ශ්‍රමිකයින් 34 දෙනෙක් පිටත් කර යවා ඇත. ජුනි මාසයේදී ශ්‍රමිකයින් 40 දෙනෙක්ද, ජූලි මාසයේදී ශ්‍රමිකයින් 51 දෙනෙක්ද ඊශ්‍රායලය බලා පිටත් කර යවා ඇත. අගෝස්තු මාසයේදී මුල් සතියේදී පමණක් ශ්‍රමිකයින් 39 දෙනෙක් ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යවා ඇත.
ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීම සදහා එරට පීබා ආයතනය සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය පෙබරවාරි මාසයේදී සාකච්ඡා කරනු ලැබූ අතර ලංකාවෙන් ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටද අමාත්‍යවරයා සහතික විය.
ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට හැකියාව ලැබී තිබේ.
මේ වන විට ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් 480 දෙනෙක් පිටත් කර යවා ඇත.