Thursday, October 24, 2024
Follow Us
මේ දිනවල ඇති තරම් වතුර බොන්න

මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණික තත්වය නිසා හැකි තරම් ජලය පානය කිරීම සුදුසු යැයි වෛද්‍යවරු පවසති.

දහවල් කාලයේ හිරු රශ්මියට නිරාවණය වීම හැකිතාක් අඩුකළ යුතු අතර වැඩබිම්වල සේවකයන් පැය භාගයකට වරක්වත් සෙවන තිබෙන ස්ථානයක කෙටි විවේකයක් ගත යුතු බවත් වෛද්‍යවරු උපදෙස් දෙති.

මේ අතර දරුවන් දහවල් කාලයේ ක්‍රීඩා කටයුතුවලට යොමු නොකර සිටීම වඩා හොඳ බව ද ඔවුහු කියති.