Thursday, October 24, 2024
Follow Us
දරුවන්ගේ පෝෂණය සොයා බැලීමට සචින් තෙන්ඩුල්කර් සබරගමුවේ

මෙරට දරුවන් හා පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක වන යුනිසෙෆ් ළමා පෝෂණ වැඩසටහනේ අධීක්ෂණ කටයුතු සොයා බැලීමට පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදලේ (යුනිසෙෆ්) දකුණු ආසියානු කලාපයේ තානාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කර් සිය අධීක්ෂණ කටයුතු අතරතුර දරු දැරියන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙමින්ද ඔවුන්ගේ සුවදුක් විමසමින් ද සබරගමු පළාතේ සංචාරයක නිරත විය.

සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ විශේෂ ආරාධනාවකට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් සහ පෙර පාසල් දරුවන් මුණගැසීමේ චාරිකාවකට එක්වූ සචින් තෙන්ඩුල්කර් ආණ්ඩුකාරවරයා සමඟ රුවන්වැල්ල පල්ලේකණුගල කනිෂ්ඨ විද්‍යාලයට ගිය අතර, එම පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යයන කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් පසුව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී දරුවන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ ද නිරත විය.

අනතුරුව එම විද්‍යාලයට ක්‍රීඩා උපකරණ ප්‍රදානය කළ අතර, ගෝනගල ප්‍රදේශයේ පෙර පාසලකට ගොස් එහි දරුවන්ගේ චර්යාවන් පිළිබඳ අධ්‍යයනයක යෙදීමෙන් පසු ඔවුනට තෑගි බෝගද පිරි නැමීමට කටයුතු කළේය.

-Dinamina