Thursday, October 24, 2024
Follow Us
ලෝක ආදිවාසී දින සැමරුම - දඹාන

ඉදිරි මාස කිහිපය තුළ දිවයිනේ අනෙකුත් ආදිවාසී ගම්මානවල ජීවත්වන ආදිවාසී ජනතාවට මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමට එම ගම්මානවලට පැමිණෙන බවත්, අපේ රටේ උරුමක්කාරයන් වූ ආදිවාසී ජනතාව තවදුරටත් කරුමක්කාරයන් නොවිය යුතු බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

දඹාන, කොටබකිණිය ගම්මානයේ දී ඊයේ (09) ලෝක ආදිවාසී දින සැමරුම් දිනට සමගාමීව පැවැති සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

භාෂාවෙන් හෝ සිරිත් විරිත්වලින් වෙනස්කම් තිබුණත් මේ මහා සංස්කෘතිය තුළ අප සියලු දෙනාම එකම මිනිස් කොට්ඨාසයක් බවත්, මතු වී ඇති ප්‍රශ්න ගැටලු සඳහා විසඳුම් හොයන්න සියලු දෙනාම එක් වී වැඩ කළයුතු බවත්, අපේ උරුමයක් වූ ආදිවාසී ජනතාවගේ වටිනාකම ලෝකය වෙත ගෙන යන්න විශේෂ වැඩසටහනක් සකස් කරන බව ද අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.