Thursday, October 24, 2024
Follow Us
කෘෂිකර්මික ක්ෂේත්‍රයේ නව සොයා ගැනීම් රැසක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා නව සොයා ගැනීම් රැසක් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී පසුගියදා නව එළවළු ප්‍රභේද තුනක් සහ පෝෂණ ගුණයෙන් ඉහළ සෝයා යෝගට් විශේෂයකුත් හඳුන්වා දුන්නා.

Hordi Bean 3
• මෙම නමින් බෝංචි ප්‍රභේදයක් කෘෂිකර්ම හඳුන්වා දී තිබෙනවා. මෙහි විශේෂත්වය නම් අස්වැන්න - 27 t/ha , නව නිර්දේශිත Hordi පොකුරු තක්කාලි ප්‍රභේද 02 මෙම පොකුරු තක්කාලි ප්‍රභේදයේ විශේෂත්වය වන්නේ ඝනකමැති මතුපිට පොත්තක් තිබීමයි. එමනිසා කල් තබා ගැනීම පහසුවන අතර හෙක්ටයාර් එකකට ටොන් 61ක පමණ අස්වැන්නක් ලබා ගත හැකියි. ගෙඩියක බර ග්‍රෑම් 85-100 පමණ වේ. ඝනකම් ඵලාවරණයක් සහිත ඵල දරන බැවින් කල් තබා ගැනීමේ හැකියාව වැඩිය.
• තද රතු පහැති මාංශයක් පවතින අතර ව්‍යංජන, සලාදවලට අමතරව ජෑම්,සෝස් වැනි සැකසූ ආහාර සදහාද සුදුසු වේ.
• ආරක්ෂිත ගෘහ තුල වගා කිරීමට වඩාත් යෝග්‍ය වේ
• මෙම ප්‍රභේදයේ බීජ නිශ්පාදනය කිරීමේ කටයුතු සහ ප්‍රභේදය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. Hordi Mushroom Curly ඇමරිකන් ඔයිස්ටර් හා ඇබලෝනි යන බිම්මල් වර්ග දෙක යොදා ගනිමින් මෙම Hordi Mushroom Curly නැමැති බිම්මල් විශේෂය හදා තිබෙනවා. ප්‍රොටීන් බහුල මෙම විශේෂය වගාව සඳහා ගොවීන්ට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. සෝයා යෝගට් දරුවන්ගේ ඌණ පෝෂණ තත්ත්වය වළක්වා ගැනීම සඳහා පළමුවරට මෙරට නිෂ්පාදනය කෙරෙන සෝයා
යෝගට් ද හඳුන්වා දීම සිදු කළා. මෙම යෝගට්වල විශේෂත්වය නම් අඩු මුදලකට නිෂ්පාදනය කළ හැකි වීමත්, මෙය ප්‍රෝටීන් බහුල වීමත්ය.