Friday, October 25, 2024
Follow Us
Social and Equity

යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැවත පැමිණ නැගෙනහිර පළාතේ පදිංචි ජනතාවට හා පළාතේ සෙසු ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටලු විසඳීම සඳහා පසුගිය 26 සහ 27 දෙදින පැවැත්වූ විශේෂ ජංගම සේවයේ පළමු දින වැඩසටහන  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවත්විණි.

Social and Equity

කැකිරාවේ පාසලක පැවැති පිරිත් පිංකමක් අතරතුරදී කලහකාරි ලෙස හැසිරුණු බව කියන එම පාසලේ සිසුන් 07 දෙනකු කැකිරාව පොලිස් ස්ථානය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

නව කම්කරු නීති පද්ධතිය ජුනි මාසය මුල වන විට කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරන බවත්, එම දල කෙටුම්පත ආයෝජන කලාප ද ඇතුළුව සියලුම ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Social and Equity

ඩෙංගු   මරණ   අවම කර ගැනීමට රෝහල් කාර්ය මණ්ඩල දැඩි කැපවීමකින්  කටයුතු කරමින් සිටින බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය මහත්මිය පවසයි.  ඩෙංගු වර්තමාන තත්ත්වය හා පාලනය සම්බන්ධයෙන්  ඊයේ (28) පැවති  සාකච්ජාවකදී  ඒ මහත්මිය මේ බව සඳහන් කළාය. 

Social and Equity

වැලිගම, මදුරාගොඩ ප්‍රදේශයේ අද (27) පැවැත්වීමට නියමිතව තිබූ තම විවාහ උත්සවයකට සුදානම් වෙමින් සිටි මනාලියකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වැලිගම පොලීසිය පැවසුවේ අද අලුයම 03ට පමණ ඇයගේ නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවය.

බරපතළ තුවාල ලබූ තරුණිය මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.  

ප්‍රහාරයට ලක්වූ තරුණිය මීට වසර කිහිපයකට පෙර වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර පසුව දෙමාපියන්ගේ විරුද්ධත්වය මත එම සම්බන්ධතාවය නවතා දමා තිබේ.

පොලීසිය පැවසුවේ, එයට පළිගැනීමක් ලෙස අදාළ තරුණයා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බව අනාවරණය වී ඇති බවය.

Aruna

Social and Equity

විදේශ රැකියා සඳහා පිටත්කර යවන ලයිස්තුවකට නම ඇතුළත් කරන බව පවසමින් මුදල් ලබාගැනීම දැන් ස්මාර්ට් හොරකමක් බවට පත්ව ඇති බැවින් එවැනි හොර තක්කඩින්ට හසු නොවන ලෙස විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Social and Equity

උතුරේ තිබෙන පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව එම ප්‍රදේශයන් හී මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ වරින්වර ප්‍රශ්න මතුකෙරෙන බැවින් පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා, විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෙත්සිරිපාය සංස්කෘතික අමාත්‍යංශයේ දී පැවැත්විණි.

Social and Equity

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පරිපාලන ගැටලු ඇතුළු අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි

Social and Equity

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා තමන්ට පහර දීමට උත්සාහ කර මරණීය තර්ජනය කළ බව පවසමින් එම පක්ෂයේ මාධ්‍ය ඒකකයේ නිලධාරියකු කුරුඳුවත්ත පොලිසිය වෙත අද 23 පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

Social and Equity

මිය ගිය දරුවා බලහත්කාරයෙන් රෝහලෙන් රැගෙන ගියා පියා හා මිය ගිය දරුවාට සිදු කළේ කුමක්ද පිළිබඳව කඩිනම් විමර්ශනයක් නුවරඑළිය පොලිසිය සිදු කරන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි පවසයි.

Social and Equity

මෙවර පොසොන් උත්සවයට සමගාමිව රු. මිලියන 100ක පමණ මුදලක් යොදවමින් දිවයින පුරා පිහිටි විහාරස්ථාන සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් දැනටමත් රුපියල් ලක්ෂ 31ක ප්‍රතිපාදන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කර තිබෙන බවත් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

Social and Equity

සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හා ඔවුන්ගේ යහපැවැත්මට අහිතකර අන්දමෙන් සිදුවන අපහසාත්මක හා වෛරීසහගත ආගමික, ජාතික සමාජ සංස්කෘතිකමය වශයෙන් විවිධ ජන හැඟම් කුපිත කරවන සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක පැමිණිල්ලක් කළ විගස එම පැමිණිලි විභාග කිරීමට ආරක්ෂක අංශවල වෙනමම අංශයක් ස්ථාපිත කර ඇති බව කැබිනට් ප්‍රකාශක , ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Social and Equity

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නතාෂා එදිරිසූරිය රක්ෂීත බන්ධනාගාර ගතකර තිබේ.

Social and Equity

Despite the dearth of drugs prevailing in Government hospitals, the All Island Private Pharmacy Owner's Association and the Pharmaceutical Society of Sri Lanka said that the private pharmacies have not been affected by the shortage of drugs as there are adequate stocks at present.

Social and Equity
  • ඉහල අදායම් ලබමින් විවිධ හිතවත්කම් මත සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ලබාගත් අය ස්වයංක්‍රියව පද්ධතියෙන් ඉවතට.
  • අන්ත දිළිඳු කාණ්ඩයේ සිටින පවුලක් සදහා මාසිකව රුපියල් 15,000 ක්.
Social and Equity

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සීතාවක සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස,කළ ඉල්ලීමක් අනුව අවිස්සාවේල්ල ග්‍රාමීය ප්‍රදේශ මගී ප්‍රවාහනය සඳහා නව බස් රථ 5ක් ධාවනයට එක්කිරීම ඊයේ (27)සිදු කෙරිණි.

Social and Equity

නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දැනටමත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (24) දන්වා සිටියේය.

අදාළ ප්‍රකාශය සිදු කිරීමෙන් බුද්ධාගම ඇතුළු වෙනත් ආගම් අපහාසයට ලක් කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදු කරන ලෙස සහ ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා මේ බව දන්වා සිටියේය.

ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ වගඋත්තරකාර දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් පවත්වන ලද දේව මෙහෙයකදී ඔහු බෞද්ධ ආගම ඇතුළු ආගම්වලට අපහාස වන අන්දමේ සහ එම ආගම හෑල්ලුවට ලක් කරමින් ප්‍රකාශයක් සිදු කර ඇති බවය.

එම ප්‍රකාශය ආගමික සංහිඳියාවට බාධාවක් වන අතර ආගමික සහ ජාතික සහජීවනයට එමඟින් දැඩි අගතියක් සිදු වන බවද ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම කරුණ සම්බන්ධයෙන් පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති අතර ජනාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව විවිධ අවස්ථාවලදී ප්‍රකාශ වූ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

කෙසේ වුවද මෙම දේවගැතිවරයා පිටුපස ප්‍රබල හස්ත ඇති බැවින් ඔහුට එරෙහි විමර්ශන කටයුතු දිගටම අඛණ්ඩව සිදු වේද යන්න පිළිබඳව විශාල සැකයක් ඇති බව ඒ මහතා සඳහන් කළේය. ඒ හේතුවෙන් පෙත්සම්කරුවන් විසින් මෙම පෙත්සම ගොනු කළ අතර අදාළ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණ අවධානය වරින් වර යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඒ මහතා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් බලධාරීන් මේ වන විට ගෙන ඇති පියවර කුමක් ද යන්න දැන ගැනීමට තමාට අවශ්‍ය බව ඒ මහතා සඳහන් කළේය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා සඳහන් කළේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉකුත් 18 වැනිදා ගොනු කර ඇති අතර ඊට පෙර එනම් 16 වැනිදා වන විට මෙම වගඋත්තරකරුට එරෙහි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවය.

 

ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගණනාවක් ලැබුණු අතර දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය අනුව ආගමික විසම්මුතියක් ඇති කර ජනතාව අතර කැලඹීමක් ඇති කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සහ එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ තුන් වන වගන්තිය ප්‍රකාරව ඔහුට එරෙහිව විමර්ශන කටයුතු සිදු කරන බව ඒ මහතා සඳහන් කළේය.

මෙම පෙත්සම්කරුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇති නමුත් ඒ වන විට ඔහු රටින් පිට වී ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මේ වන විට ඔහු රටින් පිට වී තිබීම එම කටයුතුවලට යම් බාධාවක් ඇති කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය. කෙසේ වුවද එම විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා බව ඒ මහතා කියා සිටියේය.

එ අනුව අදාළ විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා මෙම පෙත්සම ජූලි මස 18 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන ජූලි මස 28 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේ ය.

ඇල්ලේ ගුණවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි, අගුල්වැල්ලේ ජිනරතන හිමි, ආචාර්ය ශිවාෂ් රාමචන්ද්‍රන් කුරුක්කල් බාබු ෂර්මා, නිශාන් කුරේ පියතුමා, අල්හාජ් හසන් මොහොමඩ්, මෙහි පෙත්සම්කරුවෝ වෙති.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මහජන ආරක්ෂක ඇමැතිවරයා, නීතිපතිවරයා ඇතුළු 16 දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබේ.

නීතිඥ අශෝකා නිවුන්හැල්ල මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙත්සම්කරුවෝ වෙනුවෙන් පෙනී සිටියහ.

- Dinamina

Social and Equity

2023 වසරේ පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 03 වැනි පොසොන් පුර පසලොස්වක් පොහෝ දින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.