Friday, October 25, 2024
Follow Us
පොසොන් පොහොයට සුරා සැල් වැසේ

2023 වසරේ පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 03 වැනි පොසොන් පුර පසලොස්වක් පොහෝ දින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.


තවද රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව 2023. 05. 31 වන දින සිට 2023. 06. 06 වන දින දක්වා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රකාශයට පත්කොට ඇති පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් එම දිනයන් හිදී වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.

ඒ අනුව එම දිනයන්හි දී සිය සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුකු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.