Friday, October 25, 2024
Follow Us
සමාජ මාධ්‍ය තුළ අහිතකර ප්‍රචාරයන් වැළැක්වීමට සාකච්ඡා

සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හා ඔවුන්ගේ යහපැවැත්මට අහිතකර අන්දමෙන් සිදුවන අපහසාත්මක හා වෛරීසහගත ආගමික, ජාතික සමාජ සංස්කෘතිකමය වශයෙන් විවිධ ජන හැඟම් කුපිත කරවන සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක පැමිණිල්ලක් කළ විගස එම පැමිණිලි විභාග කිරීමට ආරක්ෂක අංශවල වෙනමම අංශයක් ස්ථාපිත කර ඇති බව කැබිනට් ප්‍රකාශක , ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ, අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .

මීට අතිරේකව අපරාධ, මිනීමැරුම්, ප්‍රචණ්ඩත්වය, ළමා අපචාර, ලිංගික හිංසනයන් යනාදිය පිළිබඳව මාධ්‍යයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේ කාරකසභාවේදී  ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලබන සිකුරාදා පැවැත්වෙන බව ඔහු සඳහන් කළේය.