Friday, October 25, 2024
Follow Us
Social and Equity

ආර්ථික අර්බුදයේ බලපෑමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය මුදවා ගැනීමට අවශ්‍ය මූලික සැලසුම් සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.

Social and Equity

ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තාය.

Social and Equity

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් බෘෘනෝ දිවාකර නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

විභාග වංචා සිද්ධීන් තුනක් වාර්තා වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Social and Equity

තමාට කටුනායක ගුවන් තොටුපළේදී මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමි පවසයි.

Social and Equity

ජපාන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම විදෙස් සහ ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිළිව ලෝකය හමුවේ තැබීම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට වෙරදරන ප්‍රයත්නයට මනා පිටිවහලක් සපයනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

Social and Equity

විදෙස්ගතව සිට මෙරටට පැමිණි එකම පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

Social and Equity

හෝමාගම පිටිපන "ධර්ම රශ්මි" පොසොන් කලාපයට සමගාමීව පැවැත්වෙන සර්වඥ ධාතු ප්‍රදර්ශනය උදෙසා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ ආරක්ෂිත පරිශ්‍රයක තැන්පත් කර තිබෙන මගින් නීලගිරි මහා සෑය ආශ්‍රිත කැණීම්වලින් සොයාගත් සර්වඥ ධාතූන් වහන්සේලා හෝමාගම ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයට වැඩමවීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Social and Equity

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබාදී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 1,000 ක ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය තවත් වසරක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ.

Social and Equity

මේ වන විට සමාජ අභියෝගයක් ව ඇති ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

Social and Equity

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති විශේෂ සමාව යටතේ සිරකරුවන් 440 ට නිදහස හිමිව ඇත.

පිරිස අතර කාන්තා රැඳවියන් 6 දෙන්නෙක් ද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසීය.

සියලු බන්ධනාගාර ආවරණය වන පරිදි සිරකරුවන් ට මෙම නිදහස ලබා දී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Social and Equity

දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමේ මාවතට පිවිසෙන තීරණාත්මක අවස්ථාවක රට තුළ විවිධ කණ්ඩායම් විසින් රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ තත්ත්වයක් නිර්මාණය කිරීමට උත්සහ දරන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Social and Equity

වසර 43ක් පැරණි ජාතික පරිසර පනත යාවත්කාලීන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය අගය කරන බව පරිසර මාධ්‍යවේදී අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා පැවසීය.

Social and Equity

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පරිභෝජනයේ ප්‍රශංසනීය අඩුවීමක් පෙන්නුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

Social and Equity

A special commemorative stamp and first day cover were issued at the Presidential Secretariat today (29), in commemoration of former Minister, Leader and General Secretary of the Ceylon Workers Congress (CWC), the late Mr. Arumugan Thondaman.

Social and Equity

Women in Logistics and Transport (WiLAT) Sri Lanka is the Women’s Forum of the Chartered Institute of Logistics and Transport (CILT) Sri Lanka. WiLAT Sri Lanka was inaugurated on 21 March 2013 and is one of the five pioneering fora in WiLAT Global.

Social and Equity

රජයේ පූර්ණ අන්‍රග්‍රහය යටතේ මෙවර පොසොන් උත්සවය සැමරීමට කටයුතු යොදා ඇති බවත් ඊට රාජ්‍ය අනුග්‍රහයේ අඩුවක් කර නොමැති බවත් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

රටේ පැවති අර්බුදකාරී තත්ත්වය සහ කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය හමුවේ ආගමික වතාවත් සහ අනෙකුත් කර්තව්‍යයන් ජනතාවට සුපුරුදු පරිදි සිදුකිරීමට අවස්ථාවක් නොපැවති බව කියා සිටි බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ලාංකික ජනතාවට අතිශය වැදගත් වන පොසොන් උත්සවය සදහා මේ වන විට සියලු කටයුතු සම්පාදනය කර අවසන් බවද පැවසුවේය.

වෙසක් උත්සවයේ සමාජයේ පැවති පිබිඳීම තවදුරටත් උත්දීපනය කරමින් රජයක් වශයෙන් දිවයින පුරාම ආවරණය වන පරිදි විවිධ ප්‍රදේශ ප්‍රකාශයට පත් කර ඒ සඳහා රජයෙන් ලබාදිය යුතු දායකත්වය ලබාදී සියලු කටයුතු මේ වන විට සම්පූර්ණ වී ඇතැයිද සඳහන් කළේය.

තන්තිරිමලේ, සිතුල්පව්ව, හෝමාගම, ඉංගිරිය, ගම්පහ, හම්බන්තොට තිස්සමහාරාම, මහියංගනය, බදුල්ල ආදී “සෑම දිස්ත්‍රික්කයකම විශාල පොසොන් කලාප බවට පරිවර්තනය කර ඒ සඳහා දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, අන්‍ය ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා හා පෞද්ගලික අංශයේ ධානපතීන්ගේ දායකත්වය ඇතිව සියල්ල සංවිධානය කර ඇතැයිද පැවසුවේය.

ඊට සමගාමීව රජය විසින් ඉතාමත්ම දුෂ්කර විහාරස්ථාන වල අවශ්‍ය වන භෞතික සම්පත් සංවර්ධනය සදහා මිලියන 100ක ප්‍රතිපාදන වෙන්කර දැනටමත් එම විහාරස්ථාන සංවර්ධනයට අවශ්‍ය මූලික ප්‍රතිපාදන දිස්ත්‍රික් 25ම දිසාපතිවරුන්ට යොමුකර ඇතැයිද සඳහන් කළේය.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට මෙන්ම පොසොන් උත්සවයටත් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය වන පොසොන් උත්සවය සදහා ලක්ෂ 30ක් සහ පෙරහැර කටයුතු සදහා ලක්ෂයක් වශයෙන් ලක්ෂ 31ක ප්‍රතිපාදන මුදලක් යොමුකර ඇතැයිද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

පවතින ආර්ථික තත්ත්වය අප සියලුදෙනාම අවබෝධ කරගනිමින් එම සීමිත ප්‍රතිපාදන වලින් හැකි අයුරින් උතුම් වූ පොසොන් උත්සවය සහයෝගයෙන් සැමරීමට කටයුතු කරන ලෙස බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා ඉල්ලා සිටියේය.

Social and Equity
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.