Friday, October 25, 2024
Follow Us
ආගමික අසමගිය ඇති කිරීමට කිසිවෙකුට ඉඩක් නැහැ - ආරක්‍ෂක රාජ්‍ය ඇමැති

දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමේ මාවතට පිවිසෙන තීරණාත්මක අවස්ථාවක රට තුළ විවිධ කණ්ඩායම් විසින් රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ තත්ත්වයක් නිර්මාණය කිරීමට උත්සහ දරන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

කොළඹ පිහිටි තම අමාත්‍යාංශ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

යම් පුද්ගලයෙක් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහ කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහය 291 (අ), (ආ) අනුව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.