අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබාදී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 1,000 ක ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය තවත් වසරක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේදී අද සිදු කෙරුණු බවයි .
පසුගිය 2022 මාර්තු 17 දින සිට වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වූ මෙම ගිවිසුම ප්‍රකාරව වෙන් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 1000න් මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 576.75කට අදාළව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර තිබේ.
ඉදිරි වසරක කාලය තුළ මෙම ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ඇතුළුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා පියවර ගනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේය.