Friday, October 25, 2024
Follow Us
LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14වැනිදා
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය ජූනි 14 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
 
ඒ සඳහා එක් කණ්ඩායමක් ඩොලර් 500,000ක් යෙදවීමට නියමිත අතර කණ්ඩායම් පහම ක්‍රීඩකයින් සඳහා ඩොලර් මිලියන 2.5ක් ආයෝජනය කිරීමට නියමිතය.
 
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියක් සඳහා ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන්නේ පළමුවරට ය.
 
2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය, ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වේ.
Dinamina