Friday, October 25, 2024
Follow Us
සිරකරුවන්  440ක් ජනපති සමාව යටතේ නිදහස වෙයි

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති විශේෂ සමාව යටතේ සිරකරුවන් 440 ට නිදහස හිමිව ඇත.

පිරිස අතර කාන්තා රැඳවියන් 6 දෙන්නෙක් ද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසීය.

සියලු බන්ධනාගාර ආවරණය වන පරිදි සිරකරුවන් ට මෙම නිදහස ලබා දී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.