Friday, October 25, 2024
Follow Us
නීලගිරි සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය ලබන 5 දක්වා

හෝමාගම පිටිපන "ධර්ම රශ්මි" පොසොන් කලාපයට සමගාමීව පැවැත්වෙන සර්වඥ ධාතු ප්‍රදර්ශනය උදෙසා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ ආරක්ෂිත පරිශ්‍රයක තැන්පත් කර තිබෙන මගින් නීලගිරි මහා සෑය ආශ්‍රිත කැණීම්වලින් සොයාගත් සර්වඥ ධාතූන් වහන්සේලා හෝමාගම ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයට වැඩමවීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (03) උදෑසන සිදු කෙරුණු විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් විහාරස්ථ මහා සංඝරත්නය වෙත ධාතූන් වහන්සේලා භාරදීම නිල වශයෙන් සිදුවිය.
ආයතන පරිශ්‍රයේ සිට යුද හමුදාවේ සහ පොසියේ විශේෂ ආරක්ෂාව සහිතව ධාතූන් වහන්සේලා රැගත් රථ පෙරහැර හෝමාගම නගර සීමාවේ සිට අලි ඇතුන් සහිත අලංකාර පෙරහැරකින් ධාතුන් වහන්සේ රැගත් රථ පෙරහැර පිළිගෙන විහාරස්ථානය තෙක් ගමන් වැඩමවීම සිදු විය. ගුවනින් පුෂ්පෝපහාර දක්වමින් ගෞරවයෙන් වැඩම කරන ලද ධාතූන් වහන්සේලාට මාර්ගයේ ස්ථාන කිහිපයකදීම ජනතාවද පුෂ්පෝපහාර දක්වමින් පුද පූජා සිදු කරන ලදී.
අද (03) සිට ලබන 05 දක්වා මෙම නීලගිරි සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරගැනීමේ අවස්ථාව සැදැහැවත් බෞද්ධ ජනතාව වෙත හිමිවනු ඇති.