Friday, October 25, 2024
Follow Us
පොසොන් උත්සවයට සමගාමිව රට පුරා විහාර සංවර්ධනයට රු.මි. 100ක්

මෙවර පොසොන් උත්සවයට සමගාමිව රු. මිලියන 100ක පමණ මුදලක් යොදවමින් දිවයින පුරා පිහිටි විහාරස්ථාන සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් දැනටමත් රුපියල් ලක්ෂ 31ක ප්‍රතිපාදන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කර තිබෙන බවත් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය මුදල් ජනාධිපතිවරයා විසින් වෙන් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවති අද (26) මාධ්‍ය සාකච්ඡාවකදී ඒ් මහතා මේ බව සඳහන් කළේය.