Friday, October 25, 2024
Follow Us
මියගිය දරුවාව පියෙකු බලහත්කාරයෙන් රෝහලෙන් රැගෙන යයි

මිය ගිය දරුවා බලහත්කාරයෙන් රෝහලෙන් රැගෙන ගියා පියා හා මිය ගිය දරුවාට සිදු කළේ කුමක්ද පිළිබඳව කඩිනම් විමර්ශනයක් නුවරඑළිය පොලිසිය සිදු කරන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි පවසයි.

නුවරඑළිය නගරයේ සංචාරයකට පැමිණි අවස්ථාවක හිටිහැටියේ තම දරුවාට සිහිය නැතිවූ බව පවසමින් පුද්ගලයෙකු විසින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත අවුරුදු 14ක පිරිමි දරුවෙකු රැගෙන විත් තිබුණි.

එම දරුවා මියගොස් ඇතැයි වෛද්‍යවරු අදාළ පුද්ගලයාට පවසා ඇති අතර, එම අවස්ථාවේ දී වෛද්‍යවරු සමග උරණ වී අදාළ පුද්ගලයා දරුවාව රැගෙන ගොස් තිබුණි.

එම සිදුවීම සම්බන්ධයෙන් වෛද්‍යවරු විසින් පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත අදාළ විමර්ශන ආරම්භ කළ බව නුවරඑළිය පොලීසිය පැවසීය.

හදිසි තත්ත්වයකින් පැමිණිම හේතුවෙන් දරුවාගේ හෝ අදාළ පුද්ගලයාගේ කිසිදු තොරතුරක් ලබාගැනීමට රෝහලට හැකියාව ලැබී නොමැත.

-Aruna