Wednesday, October 23, 2024
Follow Us
Social and Equity
  • මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනාගෙන එම රෝග සඳහා ද වෛද්‍යාධාර ගෙවීම ඇරඹේ.
  • වයස අවුරුදු 21ට අඩු පිරිස සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදුකර ගැනීමට වෛද්‍යාධාර.
  • කුඩා ළමුන් සඳහා රාගම රෝහලේ දී සිදු කරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා රුපියල් මිලියනයක් දක්වා වෛද්‍යාධාර.
  • වෛද්‍යාධාර ලබාදීමේ දී සැලකිල්ලට ගනු ලබන මාසික රුපියල් 150,000ක ආදායම් සීමාව ලක්ෂ 02ක් දක්වා වැඩි කෙරේ.
Social and Equity

ජාතික රෝහලේ දී කාන්තාවක් මියයාම  සම්බන්ධව  විධිමත් පරීක්ෂණයක් ජාතික රෝහල‍ෙන් ආරම්භ කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විධිමත් කමිටුවක් හරහා ද මේ පිළිබද සාක්ෂි විමසීමක් දැනටමත් ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ජාතික රෝහලේදී නොසැළකිලිමත්කම නිසා ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීම හේතුවෙන් රෝගියකු මියගිය බවට වූ හෙළිදරව්ව පිළිබද කරුණු සොයා බැලීමට අද (01) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කොළඹ ජාතික රෝහලේ නිරික්ෂණයකට  සහභාගි වෙමින් මේ බව සඳහන් කළේය. 

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්විය. 

රෝගී ජිවිත බේරා ගැනීම සදහා විශිෂ්ට සේවාවක් මෙම රෝහල් පද්ධතිය තුළින් සිදු කරනු ලබනවා මෙන්ම මෙවැනි සිද්ධි සම්බන්ධව පරික්ෂා කිරිම් සිදු කර සිදු වූයේ කුමක් ද යන්න සොයාගෙන එවැනි වරදක් වී ඇත්නම් නැවත එවැනි වරදක් සිදු නොවීමට වගබලා ගැනිම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද  අමාත්‍යවරයා මෙහිදී පැවැසිය. 

වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා.

“ඉහත සිදුවීම සිදුවන අවස්ථාවේ සේවයේ නිරතව සිටි වෛද්‍ය, හෙද සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලින් සාක්ෂි විමසීම දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙම රෝගී කාන්තාව සැත්කමකට භාජනය කර නැවත වාට්ටුව වෙත ගෙනවිත් නිර්වින්දනයෙන් සුවපත් වන අවස්ථාවේ දි මෙම ගැටලුව මතුව තිබෙන බව වාර්තා වෙනවා. සිදු වූ සිද්ධිදාමය පිළිබදව සාක්ෂි විමසීම දැනටමත් ආරම්භ කර තිබෙනවා.”  

“කාබන්ඩයොක්සයිඩ් නොසැලකිලිමත් ලෙස ලබාදීම යන කරුණ පිළිබදව පැහැදිලි ගැටලුවක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. එම ස්ථානයට සම්බන්ධ වූ කාබන්ඩයොක්සයිඩි සිලින්ඩරයක් තිබිලා තිබෙනවා. ඔක්සිජන් ලබාදි ඇති බවත් වාර්තා වී තිබෙනවා. මෙය සිදු වූනේ අවසන් අවස්ථාවේ ද මුල් අවස්ථාවේ ද යන්න පිළිබදවත්, අවසන් අවස්ථාවේ අත්වැරදීමකින් යම් දෙයක් සිදු වුණා ද කියන ගැටලුවත් මෙතන තිබෙනවා. එම ගැටලුව විසදාගැනීමට මෙම පරික්ෂණ සිදු කරන්නේ. ඒ අනුව මතුවන කරුණු අනුව අදාළ  ක්‍රියාමාර්ග ගන්නවා. 

Social and Equity

 

අනුරාධපුර  රුවන්වැලි මහසෑය අභියසදී පවත්වනු ලබන මහා අරියවංශ දේශනාව වෙනුවෙන් බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවනය සඳහා කටයුුතු යොදා ඇති බව දුම්රිය මූලස්ථානය සඳහන් කරයි. 

මීට අමතරව මහනුවර සිට මෙම පුණ්‍යකර්මය සඳහා සහභාගීවන බැතිමතුන්හට මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 6.50 ට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දුම්රියෙන් පොල්හහවෙල දුම්රිය ස්ථානයට පැමිණ මෙම විශේෂ දුම්රියෙන් අනුරාධපපුරය දක්වා ගමන් පහසුකම් සලසා ඇති බව ද එම මූලස්ථානය පවසයි. 

2023.12.30 බෙලි අත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වන විශේෂ දුම්රිය

 

බෙලිඅත්ත පිටත්වීම පෙ.ව. 04.15

කොළඹ කොටුව පිටත්වීම පෙ.ව. 08.15

පොල්ගහවෙල පිටත්වීම  පෙ.ව. 09.40

අනුරාධපුරය ළඟා වීම ප.ව. 13.10 

 

2023.12.31 අනුරාධපුරය සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන විශේෂ දුම්රිය

 

අනුරාධපුරය පිටත්වීම පෙ.ව. 09.30

පොල්ගහවෙල පිටත්වීම ප.ව. 12.30

කොළඹ කොටුව පිටත්වීම ප.ව. 15.10

බෙලි අත්ත ළඟා වීම ප.ව. 19.20 

413950257 924682405884962 5073288884398948242 n

413966837 924682435884959 7709899114578924753 n

Social and Equity

තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ලංකා තේ මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද B 60 වැඩපිළිවෙළ ජනවාරි 01  සිට බලාත්මක කළ බව ලංකා තේ මණ්ඩලයේ  කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා ඊයේ (03) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

Social and Equity

අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ  මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන්  එම පරිශ්‍රයේ සිර වූ හිමිවරු පස්දෙනෙක් සහ  බැතිමත්හු 75 දෙනෙක් ආරක්ෂක අංශ විසින්  ආරක්ෂක ස්ථාන කරා අද (31) යොමු කර ඇති බව වාර්තා වෙයි.

Social and Equity

ඩෙංගු රෝගය සහ සරම්ප රෝගය පිටුදැකීමේ වැඩපිළිවෙල පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ අද (27) පැවැත්විනි.

Social and Equity

කෘති භාර ගැනීම පෙබරවාරි 28 දක්වා

විමසීම්-0702464811 / 0714837683

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය - 2024 සඳහා කෘති භාර ගැනීම මේ දිනවල සිදු කෙරෙන අතර, කෘති භාර ගැනීමේ අවසන් දිනය 2024 පෙබරවාරි 28 වේ.

Social and Equity

Little Hearts Project of the Lady Ridgeway Hospital for Children yesterday revealed it has received a generous donation of Rs. 1 billion from senior business leader Nahil Wijesuriya.

Social and Equity

After the X-Press Pearl ship tragedy, Sri Lanka's ornamental fish exporters claim that many species of marine ornamental fish endemic to our sea areas have become extinct and many small fish species have become emaciated, Sectoral Oversight Committee on Environment, Natural Resources, and Sustainable Development chairman Ajith Mannapperuma said.

Social and Equity
  • දායකවූවන්ට ජනපතිගෙන් පැසසුම්.

බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) පැවැත්විණි.

Social and Equity

යුක්තිය' මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1554 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 82 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (30) පෙරවරුවේ පැවැසීය.

Social and Equity

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන වගකීම සුරක්ෂිත සහ ක්‍රියාකාරීව ඖෂධ ජනතාවට ලබාදීමට කටයුතු කිරීම බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ මෙරටට ඖෂධ ආනයනය කිරීම, ඖෂධ වරායෙන් නිදහස් කර ගැනීම සහ ක්‍රමවත්ව සහ කඩිනමින් රෝහල් වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

Social and Equity

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Social and Equity

බැංකු ණය ආපසු ගෙවීම පැහැරහැර සිටින සුළු පිරිසක් පරාටේ නීතිය ඉවත් කිරීමට බලපෑම් කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ කොටුවේ පිහිටි මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (29) සවස පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Social and Equity

විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල කටයුතු මෙහෙයවන ජාවාරම්කරුවන් 30 දෙනකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

Social and Equity

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යලි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක ඉඩමක්  ලබාදීමට රජය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Social and Equity

රජය සතු වතු සමාගම් මගින් ගෙවා දැමීමට ඇති රුපියල් බිලියන 4කට අධික සේවක අර්ථසාධක අරමුදල්  ගෙවීම ඇතුළු වතු සේවක අයිතීන් රැක ගැනීම පිළිබඳ රජයේ දැඩි අවධානය යොමුව ඇතැයි වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ හන්තාන, කැලෑබොක්ක, ඇල්කඩුව ඇතුළු රජයට අයත් වතු සමාගම් කිහිපයක කළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

Social and Equity

මාතලේ හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම රටටම වැදගත් ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණයක් වන මාතලේ නන්දිමිත්‍ර ඒකනායක හොකී ක්‍රීඩාංගණ්ය කාලයත් සමඟ විනාශ වෙමින් පැවති අතර එය නැවතත් ඇ.ඩො. 235,000 ක වියදමින් නවීකරණය කර 2024 ජනවාරි මාසය අවසන් වීමට ප්‍රථම නැවතත් හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදීම සඳහා සුද්ද පවිත්‍ර කර සූදානම් කිරීමේ කටයුතු පසුගියදා මාතලේ මහ නගර සභාවේ සහයෝගය ඇතිව ආරම්භ කෙරිණි.