Wednesday, October 23, 2024
Follow Us
පරාටේ නීතිය ඉවත් කර­න්නැයි බල­පෑම් කරන්නේ ණය නොගෙවා කට්ටි පනින සුළු පිරි­සක්

බැංකු ණය ආපසු ගෙවීම පැහැරහැර සිටින සුළු පිරිසක් පරාටේ නීතිය ඉවත් කිරීමට බලපෑම් කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ කොටුවේ පිහිටි මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (29) සවස පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අධිපතිවරයා:

“බැංකු විසින් ණය පහසුකම් ලෙස දෙනු ලබන්නේ තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල්. මේ තැන්පතු මුදල්වලින් ණය ගන්නා අය ඒවා නිසි ලෙස ආපසු නොගෙවන්නේ නම් බැංකුවලට අභියෝගයකට ලක් වීමට සිදුවනවා. නිසි ලෙස බැංකු ණය ආපසු නොගෙවන විට ඒවා නැවත අය කරගැනීමට සුරැකුම් ලෙස තැබූ වත්කම් බැංකු විසින් පවරාගැනීමක් කළ යුතුයි. ඒ සඳහා පවතින නීතිය වනුයේ පරාටේ නීතියයි. මේ පරාටේ නීතිය මඟින් තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. එය ඒ සඳහා අත්‍යවශ්‍ය දෙයක්. මේ නීතිය ඉවත් කරගන්නා ලෙස විවිධාකාර බලපෑම් කරන්නේ බැංකු ණය නොගෙවන සුළු පිරිසක්. ඒ නීති ඉවත් කළ හොත් එය අනාගතයේදී තැන්පත්කරුවන්ටත්, බැංකු පද්ධතියටත් සිදු කරන විශාල අහිතකර ක්‍රියාවක්.” යැයිද පැවසීය.

Dinamina