Sunday, October 20, 2024
Follow Us
දූෂණ වංචා ෆියිල් 400ට කරන දේ ජනපති අනුර කියයි

පසුගිය කාලයේ විවිධ දූෂණ වංචා සම්බන්ධයෙන් අතරමඟ නතර වූ විමර්ශන කටයුතු නිසි පරිදි යළි ආරම්භ කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය තංගල්ලේදී සංවිධාන කළ පළමු ජන රැළියට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

"සමහරු කියනා හොරු ඇල්ලුවද? හැබැයි මම එකක් කියන්නම් අල්ලනකොට කෙදිරි ගාන්න නම් එපා. අද කියලා යන්නේ. ෆියිල් 400 ගානක් තිබෙනවා. සියල්ල වසා දමා තිබෙන්නේ. අපි අද පරීක්ෂාවට භාජනය කළා. සමහර ඒවා නිතිපති දෙපාර්තමේන්තුවේ හිරවෙලා තියෙන්නේ. සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිරවෙලා තියෙන්නේ.සමහර ඒවා අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ හිරිවෙලා තියෙන්නේ. තවත් සමහර ඒවා පැමිණිල්ලකට පමණක් සීමා වෙලා. අපි අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී තිබෙනවා සියල්ලා යළි ආරම්භ කිරීමටත් ක්‍රමානුකූලව අවශ්‍ය පරීක්ෂණ දියත් කරන්නත්."